Last Update  :  2024-12-27 10:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය හෙට ඇරඹේ

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය හෙට ඇරඹේ

editorial - 2024 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2024-25 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ මූලික වටය හෙට (13 වැනිදා) ආරම්භ වේ. තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් ගුවන් හමුදාව සහ සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය අද පස්වරු 4.00 ට රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමිට පිවිසීමට නියමිතය. 

ක්‍රීඩා සමාජ 9 ක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටය සති 9 ක් පුරා පැවැත්වෙන අතර සෑම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී තරග 4 ක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව මූලික වටයේදී පැවැත්වීමට නියමිත මුළු තරග සංඛ්‍යාව 36 ක් වන අතර සෑම සතියකදීම එක් කණ්ඩායමකට විවේකයක් හිමිවනු ඇත. 

මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ට පත්වන කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකරගනු ඇත. ලකුණු සටහනේ අවසන් ස්ථාන 5 ට පත්වන කණ්ඩායම්වලට දෙවැනි වටයේදී පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. 

තරගාවලියේ මූලික වටය පෙබරවාරි මස 9 වැනිදායින් නිමාවට පත්වන අතර දෙවැනි වටය පෙබරවාරි මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතය. දෙවැනි වටය සති 5 කින් සමන්විත වන අතර එහිදී කුසලාන ශූරතාව සඳහා තරග වදින සෑම කණ්ඩායමක්ම තරග 3 කට බැගින්ද, පළඟ ශූරතාව සඳහා තරග වදින සෑම කණ්ඩායමක්ම තරග 4 කට බැගින්ද සහභාගි වනු ඇත. 

කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග පස්වරු 6.30 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන අතර සෙසු සියලුම තරග පස්වරු 4.00 ට ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. 

මූලික වටයේ පළමු සතියේ තරග 

  • දෙසැ. 13 වැනිදා - ගුවන් හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 14 වැනිදා - යුද හමුදාව සහ පොලිසිය අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 14 වැනිදා - නාවික හමුදාව සහ හැවුලොක් ක්‍රීඩා සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 15 වැනිදා - මහනුවර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී 

 


අදහස් (0)

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.