Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතනය ජයග්‍රහණයකින් වැඩ අරඹයි
පාසල් රග්බි ලීගය

ඉසිපතනය ජයග්‍රහණයකින් වැඩ අරඹයි

editorial - 2023 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (18 වැනිදා) පැවැති තරගයයකදී මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 32-08 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-00 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුමකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළ ඉසිපතන ක්‍රීඩකයෝ, කිංග්ස්වුඩ් විදුහලට එක් ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් ලබා නොදුන්හ.

දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් රැස්කිරීමට ඉසිපතන විදුහල සමත් වෙද්දී, කිංග්ස්වුඩ් විදුහලට උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 08 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසානයේ ඉසිපතන විදුහලට ලකුණු 32-08 ක පහසු ජයක් හිමිවිය.

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති පළමු සතියේ සෙසු තරගවලදී පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කිරීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි, බම්බලපිටිය ශාන්ත පීතර සහ මහනුවර ධර්මරාජ යන විදුහල් සමත් වූහ. එම තරගවලදී පිළිවෙලින් මරදාන ශාන්ත ජෝෂප්, කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව යන විදුහල් පරාජයට පත්වූහ.

මහනුවර ත්‍රිත්ව විදුහල එදා මෙදා තුර පාසල් රග්බි පිටිය තුළ මහනුවර ධර්මරාජ විදුහල හමුවේ පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. එහිදී ධර්මරාජ විදුහල ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ අතර ත්‍රිත්ව විදුහල ලකුණු රැස්කළේ උත්සාහක දිනුම් 3 ක් සමගිනි.


බදාදා (14 වැනිදා)
■ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 22-12 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි.
සිකුරාදා (16 වැනිදා)
■ මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් ලකුණු 26-19 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි.

සෙනසුරාදා (17 වැනිදා)
■ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 11-05 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කරන ලදි.
■ මහනුවර ධර්මරාජ විදුහල විසින් ලකුණු 17-15 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කරන ලදි.
■ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 19-13 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරන ලදි.

ඉරිදා (18 වැනිදා)
■ කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 32-08 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කරන ලදි.


අදහස් (0)

ඉසිපතනය ජයග්‍රහණයකින් වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.