Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby එංගලන්තය ස්ථානය තහවුරු කරගනී
ලෝක කුසලාන රග්බි - 2023

එංගලන්තය ස්ථානය තහවුරු කරගනී

editorial - 2023 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ නිශ්චිත ස්ථානයක් හිමිකරගත් පළමු කණ්ඩායම බවට පත්වීමට එංගලන්තය සමත්ව සිටියි. ‘ඩී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ එංගලන්තය, මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ලකුණු 14 ක් ලබා එම කාණ්ඩයේ ශූරයා ලෙසින් තෙවැනි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. 

‘ඩී’ කාණ්ඩය යටතේ එංගලන්තය සහ සැමෝවා අතරත්, ජපානය සහ අර්ජන්ටිනාව අතරත් තවත් මූලික වටයේ තරග 2 ක් පැවැත්වීමට නියමිතය. එහෙත් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ආජන්ටිනාවට (ලකුණු 9) හෝ තෙවැනි ස්ථානයේ පසුවන ජපානයට (ලකුණු 9) ඉතිරිව ඇති තරගය ප්‍රසාද ලකුණු සමග ජයගත්ද එංගලන්තය අභිබවා යෑමට අවස්ථාවක් හිමි නොවනු ඇත. 

ජපානය සහ අර්ජන්ටිනාව අතර තරගය ජයගන්නා කණ්ඩායම ‘ඩී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන සෙසු කණ්ඩායම බවට පත්වනු ඇත. ‘බී’ කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාවත් (ලකුණු 15), ‘සී’ කාණ්ඩයෙන් වේල්සයත් (ලකුණු 14) අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින නමුත් එම කාණ්ඩවල ශූරයන් සහ අනු ශූරයන් කවුදැයි යන්න තවමත් තීරණය වී නොමැති බැවින් ඔවුන් ක්‍රීඩා කරන අර්ධ අවසන් පූර්ව තරග කුමක්දැයි නිශ්චිතව කිව නොහැකිය. 

‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අයර්ලන්තයට (ලකුණු 14) මෙන්ම තෙවැනි ස්ථානයේ පසුවන ස්කොට්ලන්තයටද (ලකුණු 10) තවමත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව පවතී. මූලික වටයේ එම කණ්ඩායම් දෙක ගැටෙන තරගයේදී ප්‍රසාද ලකුණත් සමග අයර්ලන්තය පරාජය කිරීමට සමත් වුවහොත් පමණක් ස්කොට්ලන්තයට එම අවස්ථාව උදාකරගත හැකි වනු ඇත. එසේ නොවුණ හොත් අයර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. 

ඕස්ටේ්‍රලියාව (ලකුණු 11) මේ වන විට ‘සී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවුවද, ඔවුන් තරග 2 පරාජයට පත්ව තිබේ. ඒ අනුව ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිය හැකි වන්නේ තෙවැනි ස්ථානයේ පසුවන ෆීජි කණ්ඩායම (ලකුණු 10) පෘතුගාලය හමුවේ පරාජයට පත්වුව හොත් පමණි. එම තරගයේ ජය ෆීජි කණ්ඩායම සතුවුව හොත් ‘සී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම බවට පත්වීමට ඔවුන්ට හැකි වනු ඇත. 

තරගාවලියේ වඩාත් තරගකාරීම කාණ්ඩය ලෙස ‘ඒ’ කාණ්ඩය හැඳින්විය හැකි අතර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා එම කාණ්ඩයේ මුල් ස්ථාන 3 හි පසුවන කණ්ඩායම් 3 ම කරට කර සටනක නිරතව සිටීම ඊට හේතුව ලෙස සඳහන් කළ හැකිය. ප්‍රංශය ලකුණු 13 ක්ද, නවසීලන්තය සහ ඉතාලිය ලකුණු 10 බැගින්ද ලබා පිළිවෙලින් එහි පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටියි. 

නවසීලන්තය සහ උරුගුවේ අතර පැවැත්වීමට නියමිත තරගය ප්‍රසාද ලකුණ සමග ජයගැනීමට නවසීලන්තය සමත් වුවහොත් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ යනු ඇත. ප්‍රංශය සහ ඉතාලිය අතර පැවැත්වීමට නියමිත තරගයෙන් ප්‍රසාද ලකුණ සමග ජය ලැබීමට ඉතාලිය සමත් වුවහොත් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාවද 14 ක් බවට පත්වනු ඇත. එවිට සත්කාරක ප්‍රංශය තරගාවලියෙන් ඉවතට විසිවනු ඇත. 

මූලික වටයේ අවසන් තරග කිහිපය මෙම මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග 14 සහ 15 යන දිනවලදීද, අවසන් පූර්ව තරග 20 සහ 21 යන දිනවලදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තෙවැනි ස්ථානය තේරීමේ තරගය 27 වැනිදා පැවැත්වෙන අතර රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් පැවැත්වෙන අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය ඇත්තේ මෙම මස 28 වැනිදාය. 


-036 


අදහස් (0)

එංගලන්තය ස්ථානය තහවුරු කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.