Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තරගයෙන් තරගය ඉදිරියට යෑම අපේ සැලසුමයි
ආසියානු රග්බි

තරගයෙන් තරගය ඉදිරියට යෑම අපේ සැලසුමයි

editorial - 2024 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය ජය ගැනීම වුවත්, තමන් ඇතුළු කණ්ඩායම වැඩි අවධානයක් යොමු කරන්නේ මීලඟට ඇති තරගය සඳහා පමණක් බව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක සුහිරු ඇන්තනී ‘ලංකාදීප’යට පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුව ආරම්භ වීමට පෙරාතුවය. 

“අපි අවුරුදු 5 කට පස්සෙ තමයි ශ්‍රී ලංකා කොඩිය යටතේ ජාත්‍යන්තර රග්බි තරගයකට ක්‍රීඩා කරන්නෙ. අපේ ප්‍රධාන ඉලක්කයක කොහොම හරි මේ තරගාවලිය දිනන එක. ඒක අපිට කරන්න බැරි දෙයක් නෙමේ. අපි මීට ඉහළ තරගාවලිවලත් ශූරතාව දිනලා තියෙනවා. අවසන් ඉලක්කය තරගාවලිය ජයගැනීම වුණත්, අපි ඒකට යන්න බලාපොරොත්තු වෙන්නෙ තරගයෙන් තරගය දිනලයි.” 

“ඉන්දියානු කණ්ඩායමේ තියෙන ශක්තීන් වගේම දුර්වලතා මොනවද කියලා පුහුණුකරුවො අපිට කියල දීලා තියෙන්නේ. ඒ වගේම අපේ තියන ශක්තීන් හඳුනාගෙන තමයි අපි ක්‍රීඩා කරන්නේ. මේ තරගයෙදි ඉන්දියානු කණ්ඩායමේ දුර්වලතා වලින් ප්‍රයෝජන අරගෙන ඔවුන්ට හොඳ අභියෝගයක් එල්ල කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.” යැයි සුහිරු සඳහන් කළේය. 

තරගාවලිය සඳහා සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කළ පුහුණුකරුවන් පිළිබඳව සඳහන් කිරීමටද සුහිරු එහිදී අමතක නොකළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය. 
“අපේ ප්‍රධාන පුහුණුකරුවා සනත් මාටින්ස් මහතා අවුරුදු 40 ක විතර ලොකු පළපුරුද්දක් තියෙන පුහුණුකරුවෙක්. ඒ වගේම තමයි සහායක පුහුණුකරුවන් ගත්තත්. දුෂාන්ත් ලෙව්කේ කියන්නේ මේ අවුරුද්දෙ ලීග් රග්බි ශූරතාව දිනපු සී.ආර්. කණ්ඩායමේ පුහුණුකරු. එතකොට නිල්ෆර් ඊබ්‍රහීම් කියන්නෙ මේ පාර ක්ලිෆර්ඞ් කුසලාන දිනපු පොලිස් කණ්ඩායමේ පුහුණුකරු.”

“මේ තුන් දෙනාම හුඟක් අත්දැකීම් බහුල වගේම තමන් පුහුණුකරන කණ්ඩායම් වලට හුඟක් ජයග්‍රහණ ගෙනාපු පුහුණුකරුවො. ඒ තුන් දෙනාගේ සංයුතියෙන් කණ්ඩායමට ලොකු උත්තේජනයක් ලැබනවා කියලා කියන්න පුළුවන්. ඔවුන් තමයි පසුගිය සති දෙකක කාලය තුළ ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් දෙන්න පුලුවන් මට්ටමකට මේ කණ්ඩායම ගොඩනැගුවේ.” යැයිද ශ්‍රී ලංකා නායකයා කීය. 

- 036 

(ඡායාරූපය - කුෂාන් පතිරාජ)


අදහස් (0)

තරගයෙන් තරගය ඉදිරියට යෑම අපේ සැලසුමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.