Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
ජනාධිපති කුසලාන අන්තර් පාසල් පළමු පෙළ රග්බි, පිළිමළුන් පිටුදැකීමේ තරඟාවලිය මේ මස 25 වැනි දින ආරම්භ වීමට නියමිතය. මෙවර පාසල් රග්බි ලීග් තරගාවලියට පෙර ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය පැවැත්වීම විශේෂත්වයකි.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවරදී පැවැත්වනුයේ එක් තරඟයක් පමණකි. මහනුවර ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර වන එම තරඟය නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙ තරගය මේ මස 25 වැනි දින පැවැත්වෙන අතර යම් හෙයකින් අර්ධ අවසන් පූර්ව හෝ අවසන් පූර්ව වට වලදී මහනුවර පාසල් දෙකක් අතර තරඟයක් පැවතිය හොත් එම තරඟ මහනුවරදී පැවැත්වීමට නියමිතය.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරඟ පෙළ ගැසී ඇති ආකාරය
අප්‍රේල් 25 වැනිදා
වෙස්ලි විදුහල සහ ශාන්ත ජෝසප් විදුහල අතරරාජකීය ක්‍රීඩාංගණයේදී.
ධර්මරාජ විදුහල සහ ඩී.එස්.සේනානායක විදුහල අතරසී.ආර්. ක්‍රීඩාංගනයේදී.
විද්‍යාර්ථ විදුහල සහ සහිරා විදුහල අතරහැව්ලොක් ක්‍රීඩාංගණයේදී.
ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 26 වැනිදා
ඉසිපතන විදුහල සහ ශ්‍රී සුමංගල විදුහල අතරරාජකීය ක්‍රීඩාංගනයේදී.
ශාන්ත තෝමස් විදුහල සහ විද්‍යා විදුහල අතරසී.ආර්. ක්‍රීඩාංගණයේදී.
අප්‍රේල් 27 වැනිදා
ශාන්ත පීතර විදුහල සහ තර්ස්ටන් විදුහල අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේදී.
කිංස්වුඩ් විදුහල සහ රාජකීය විදුහල අතරසී.ආර්.ක්‍රිඩාංගණයේදී.
(ඡායාරූපය - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.