Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
පාසල් රග්බි වසන්තය ආරම්භ වූ ඉකුත් සතියේ මහනුවර පාසල් හයක් රග්බි පොරපිටියට පිවිසි අතර ඉන් ත්‍රිත්ව විදුහල සහ විද්‍යාර්ථ විදුහල ජය වාර්තා කළද අනෙක් පාසල් රග්බි කණ්ඩායම් දරුණු පරාජයන්ට මුහුණ දුන්නේය.
මෙවර මහනුවර පාසල් හයක් "ඒ" කොටසේ රග්බි පොරපිටියට පිවිසීමට සුදුසුකම් ලබා සිටීම විශේෂත්වයක් වූ අතර තරගාවලිය ආරම්භ වූ ඉකුත් සිකුරාදා (14) මහනුවර විද්‍යාර්ථ විදුහල සහ ශාන්ත ජෝසප් විදුහල් අතරකොළඹදී පැවතිරග්බි තරඟයෙන්ලකුණු 27-22 ක ජයක් වාර්තා කිරීමට විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සමත් වූහ .
ජයග්‍රාහී විද්‍යාර්ථ පිලගෝල දිනුම් 03ක්සහ දඬුවම් පහර 02 ක් සාර්ථක කරගනිමින්තම ජය වාර්තා කළ අතර ශාන්ත ජෝසප් පිලගෝල දිනුම් 02 ක් උත්සාහක දිනුමක්සහ දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය .
ත්‍රිත්ව විදුහල සහ ශාන්ත තෝමස් විදුහල අතර පැවති තරගයෙන් ලකුණු 31-08 ක ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් වූ අතර එහිදී ජයග්‍රාහි ත්‍රිත්ව විදුහල ගෝල දිනුම් 04 ක් සහ ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරගනිමින් ලකුණු රැස්කර ගත්තේය. ශාන්ත තෝමස් විදුහල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක්සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළේය .
අස්ගිරියේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල සහ ඉසිපතන විදුහල අතර පැවැති රග්බි තරඟයෙන් ලකුණු 58-03 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහල සමත් වූයේය. ජයග්‍රාහී ඉසිපතන විදුහල ගෝල දිනුම් 05 ක් සහ උත්සාහක දිනුම් 03ක් වාර්තා කරමින් තම ජය සනිටුහන් කළ අතර සුමංගල විදුහලට සාර්ථක කර ගත හැකි වූයේ එක්දඬුවම් පහරක් පමණි .
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර පැවති තරඟයෙන්ලකුණු 27-14 ක ජයක් වාර්තා කිරීමට විද්‍යා විදුහල සමත් වූයේය. ජයග්‍රහි විද්‍යා විදුහල ගෝල දිනුම් 02 ක් උත්සාහක දිනුම් 02 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළ අතර ශාන්ත අන්තෝනි පිල ගෝල දිනුම් 02 කින් ලකුණු රැස් කළේය .
මහනුවර කිංස්වුඩ් විදුහල සහ රාජකීය විදුහල අතර පැවැති රග්බි තරඟයෙන් ලකුණු 68-05 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට රාජකීයයෝ සමත් වූහ. රාජකීය පිලගෝල දිනුම් 05ක් සහ උත්සාහක දිනුම් 05 ක් මගින්ලකුණු රැස් කළ අතර කිංස්වුඩ් පිල එක් උත්සාහක දිනුමක් සාර්ථක කර ගත්තේය .
ධර්මරාජ විදුහලත් ඩී.එස්.සේනානායක විදුහලත් අතර පැවැති රග්බි තරඟයෙන් ලකුණු 44-12 ක ජයක් වාර්තා කිරීමට ඩී.එස්. සේනනායක විදුහල සමත් වූ අතර එහිදී ඩී.එස්.සේනනායක විදුහල ගෝල දිනුම් 04ක් උත්සාහක දිනුම් 02ක් සහ දඬුවම් පහර 02ක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස්කළේය. ධර්මරාජ විදුහල ගෝල දිනුමක් සහ උත්සාහ දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය .
ඡායාරූප - කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.