Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හැව්ලොක්ස්, නාවික සහ මහනුවර කී‍්‍රඩා සමාජය අතර ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමේ සටන උණුසුම් කරමින් අන්තර් සමාජ පළමු පෙළ ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සති අන්තයේ තරග හෙට (6) ආරම්භ කෙරේ.
පසුගිය සතියේ ආරම්භ වූ දෙවැනි වටයේ තරගවල දී සී.එච්. පිලට එරෙහිව ලකුණු 80-3 ක දැවැන්ත ජයක් වාර්තා කළ හැව්ලොක්ස් කණ්ඩායම තවමත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ලකුණු 41-21 කින් පොලිස් කණ්ඩායම පරදවා දෙවැනි තැන රැක ගැනීමට නාවික හමුදා පිල සමත්විය. කෙසේවෙතත් මේ දෙපිලම ප‍්‍රසාද ලකුණු 40 බැගින් ලබා සිටින අතර හැව්ලොක්ස් පිල පෙරමුණේ රැඳී සිටින්නේ නැවියන්ට වඩා වැඩිපුර ගෝල සහ දඩුවම් පහර රැස් කිරීම හේතුවෙනි.
හැව්ලොක්්ස් පිලට මෙන්ම නාවික හමුදා කණ්ඩායමට ද දැඩි අභියෝගයක් වෙමින් එක් ලකුණක් පසුපසින් සිටිින මහනුවර කී‍්‍රඩා සමාජය දෙවැනි වටයේ පළමු සති අන්තය නිමාවනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන රැුක ගැනීමට සමත්වී ඇත්තේ ලකුණු 39ක් ලබාගනිමිනි.
හෙට පස්වරුවේ හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය සහ පොලිස් කණ්ඩායම අතර තරගය හැව්ලොක්ස් පිටියේ දී පැවැත්වෙන අතර නාවික හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා පිල අතර තරගය අනිද්දා (7) පැවැත්වෙන්නේ වැලිසර නාවික හමුදා පිටියේදීය.
දෙවැනි වටයේ වඩාත් අවධානය යොමුවන තරගය බවට පත්වී ඇති මහනුවර කී‍්‍රඩා සමාජය සහ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම අතර තරගය ද අනිද්දා පස්වරුවේ සී.ආර්.පිටියේ දී පැවැත්වෙයි. මෙතෙක් පැවැති තරගවලින් ජයග‍්‍රහණ 5ක් ලබා සිවුවැනි ස්ථානයේ රැඳී සිටින සී.ආර්.පිල ප‍්‍රසාද ලකුණු 31ක් ලබා සිටින අතර මහනුවර කණ්ඩායමට එරෙහිව ප‍්‍රබල සටනක් දෙමින් ඉදිරිපෙළ ස්ථානයක් අත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
මේ අතර පසුගිය සතියේදී මහනුවර කණ්ඩායම හමුවේ ලකුණු 50-19ක පරාජයක් අත්විඳ ගත් යුද හමුදා කණ්ඩායම සිය ජයග‍්‍රහණ පිපාසය සංසිඳුවා ගැනීමේ අදිටනින් යුතුව ලබන ඉරිදා (8) සී.එච්. පිල සමග තරග වදින්නේ දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ දීය. මෙවර තරගාවලියේ මෙතෙක් කිසිදු ජයග‍්‍රහණයක් නොලබා ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් තැන පසුවන සී.එච්. පිලට එරෙහිව වැඩි ලකුණු සංඛ්‍යාවකින් ජයග‍්‍රහණය වාර්තා කොට යුද හමුදා පිල පසුවන්නේ කුසලාන වටයට එක් වීමේ අදිටනින් යුතුවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.