Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාව ඉසව්වකට කැඳවාගෙන එමින්, පාසල් කණ්ඩායම් 84 ක් සහභාගි වන අන්තර් පාසල් රග්බි තරගාවලිය ජූනි මස 14 වැනිදා ආරම්භ වේ. එක් එක් කණ්ඩායම් වල ශක්තිය අනුව කණ්ඩායම් වර්ගීකරණය කර ඇති බැවින්, තරගාවලිය ශ්‍රේණි 3 කින් පැවැත්වේ.
I වැනි ශ්‍රේණියේ ‘ඒ’ කාණ්ඩයෙන් පාසල් 16 ක් තරග වදිති. I වැනි ශ්‍රේණියේ ‘බී’ කාණ්ඩයෙන් පාසල් 14 ක් තරග වදින අතර ‘සී’ කාණ්ඩයෙන් පාසල් 12 ක් තරග වදිති. II වැනි ශ්‍රේණියේ කණ්ඩායම් 12 කි. III වැනි ශ්‍රේණියේ කණ්ඩායම් 30 ක් සහභාගි වන අතර III වැනි ශ්‍රේණියේ තරගාවලිය කාණ්ඩ 9 කින් පැවැත්වෙයි.
සංවර්ධන තරඟාවලි වැනි මුලපිරීම් ඇතුළුව පසුගිය වසර පුරා පාසල් රග්බි ක්‍රීඩාවට සහාය වෙමින් ඩයලොග් සමාගම විසින් දරන ලද අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙවර තරගාවලියේදී පාසල් සංඛ්‍යාව 84 ක් දක්වා වැඩිවී තිබේ.
පසුගිය වසරේදී I වැනි ශ්‍රේණියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා ලද්දේ ශාන්ත පීතර විද්‍යාලය විසිනි. කොළඹ රාජකීය විද්‍යාලයට එහි අනුශූරතාව හිමිවිය. ශූරයන් මෙන්ම අනුශූරයන් ද ඇතුළත් ‘ඒ’ කාණ්ඩයට මේ වසරේදී මහනුවර සුමංගල විද්‍යාලයත් ඇතුළත් කර ඇත්තේ පසුගිය වසරේදී ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගත් බැවිනි.
‘ඒ’ කාණ්ඩයේ ශූරතාව වෙනුවෙන් ශා. පීතර, රාජකීය, ඉසිපතන, ශා. ජෝශප්, ත්‍රිත්ව, වෙස්ලි, විද්‍යාර්ථ, ගල්කිස්ස සාන්ත තෝමස්, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, කටුගස්තොට ශා. අන්තෝනි, ධර්මරාජ, කිංග්ස්වුඞ්, ඩී. එස්. සේනානායක, තර්ස්ටන් විද්‍යාලය, කොළඹ සහිරා සහ මහනුවර සුමංගල විද්‍යාලය තරග වදිති.
ශ්‍රී ලංකාවේ පාසල් රග්බි තරගාවලි අතරේ ප්‍රමුඛතම තරගාවලි දෙක වන අන්තර් පාසල් ලීග් තරගාවලියේදී මෙන්ම අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේදීත් ශූරතා දෙකම දිනාගන්නා ලද්දේ ශාන්ත පීතර විද්‍යාලය විසිනි.
I වැනි ශ්‍රේණියේ - ඒ කාණ්ඩයේ කණ්ඩායම් නායකයෝ
I වැනි ශ්‍රේණියේ - බී කාණ්ඩයේ කණ්ඩායම් නායකයෝ
I වැනි ශ්‍රේණියේ - සී කාණ්ඩයේ කණ්ඩායම් නායකයෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.