Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පාසල් රග්බි තරග 4 ක් කල්දමයි

පාසල් රග්බි තරග 4 ක් කල්දමයි

editorial - 2022 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඩයලොග් පාසල් රග්බි ලීගය යටතේ හෙට (14 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 4 ක් දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ.

හෙට පෙරවරු 5.00 දක්වා මුළු දිවයිනටම ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් මෙම තරග කල්දමා ඇත.

හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ තරග 3 ක් සහ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් මෙලෙස කල් දමා තිබේ. 

පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ කල් දැමුණ තරග

■ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
■ පිළියන්දල මැදි විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
■ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල සහ පන්නිපිටය ධර්මපාල විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී

දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කල් දැමුණ තරගය
■ මහරගම ජනාධිපති විදුහල සහ ලලිත් ඇතුලත්මුදලි විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

පාසල් රග්බි තරග 4 ක් කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.