Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිස් ක්‍රීඩකයෝ නාවිකයන්ට තලති
අන්තර් සමාජ පළමු පෙළ

පොලිස් ක්‍රීඩකයෝ නාවිකයන්ට තලති

editorial - 2024 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ වටය යටතේ පොලිසිය සහ නාවික හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 37-07 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 20-07 ක් ලෙස පෙරමුණ ගත් පොලිස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 17 ක් එක්කර ගැනීමට සමත් වූයේ පොලිස් ක්‍රීඩකයන්ට එක් ලකුණක් හෝ රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදෙමිනි.  

පළමු අර්ධයේදී පොලිසිය ගෝල දිනුමකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළ අතර නාවික හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. දෙවැනි අර්ධයේදී පොලිසිය ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබා ගත්තේය. 

එහිදී පොලිසිය වෙනුවෙන් ආකාස් මධුෂංක උත්සාහක දිනුම් 3 ක් ලබාගත් අතර හිරන්ත පෙරේරා, ප්‍රින්ස් චාමර සහ උදය සංජුල උත්සාහක දිනුම බැගින් ලබාගත්හ. ඉන් එක් ප්‍රවර්ථනයක් සහ පොලිසියට හිමි වූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට ප්‍රින්ස් චාමර සමත් විය. 

නාවික හමුදාව වෙනුවෙන් චිරන්ත කළුආරච්චි උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ ඉෂාර ඉමංක විසිනි. මෙම තරගයේදී පොලිසියේ විහඟ පිවිතුරු (78 වැනි විනාඩියේදී) සහ නවීන් කනිෂ්ක (79 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූහ. 


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ නාවිකයන්ට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.