Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසියට එරෙහිව ගුවන් හමුදාවට තියුණු ජයක්
අන්තර් සමාජ පළමු පෙළ

පොලිසියට එරෙහිව ගුවන් හමුදාවට තියුණු ජයක්

editorial - 2025 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතිය යටතේ ගුවන් හමුදාව සහ පොලිසිය අතර සෙනසුරාදා (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20-19 ක තියුණු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. 

මෙවර තරගාවලියේදී ගුවන් හමුදාව ලැබූ තෙවැනි ජය මෙන්ම පොලිසිය ලැබූ සිවුවැනි පරාජයද මෙය විය. කෙසේ වුවත් එහිදී ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජය වීම හේතුවෙන් පොලිසියට එක් ප්‍රසාද ලකුණක් හිමි විය. මෙම තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 07-07 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවූ අතර දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා ක්‍රීඩකයන් ලකුණු 13 ක් රැස්කරද්දී, පොලිස් ක්‍රීඩකයන් රැස්කළේ ලකුණු 12 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ගුවන් හමුදාවට ලකුණක තියුණු ජයක් හිමිවිය. 

පළමු අර්ධයේදී ගෝල දිනුමක් මගින් ලකුණු ලබාගත් ගුවන් හමුදාව, දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගිනි. පොලිසිය පළමු අර්ධයේදී ගෝල දිනුමක් මගින්ද, දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින්ද ලකුණු ලබා ගත්තේය. 


අදහස් (0)

පොලිසියට එරෙහිව ගුවන් හමුදාවට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.