Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මලියදේව - සුමංගල ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

මලියදේව - සුමංගල ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

editorial - 2022 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලිගයේ පළමු කොටසේ සිවුවැනි සතිය නිමාවට පත්වන විට ‘බී-1’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කුරුණෑගල මලියදේව විදුහලත්, ‘බී-2’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මහනුවර ශ්‍රී සුමංගල විදුහලත් සමත්ව සිටිති.

මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති මලියදේව විදුහල එම තරග 3 න්ම ජය ලබා සිය අපරාජිත බව රැකගෙන ‘බී-2’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. ප්‍රසාද ලකුණක්ද සමග එහිදී ඔවුන් ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 16 කි. තරග 2 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 ක් සමග මුළු ලකුණු 12 ක් ලබා සිටින මරදාන සහිරා විදුහල ‘බී-1’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.

‘බී-1’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින සුමංගල විදුහල, මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 3 ක් ජයගෙන ඇති ඔවුන් පරාජයට පත්වී ඇත්තේ එක් තරගයකත් පමණි. ප්‍රසාද ලකුණු 5 කට හිමිකම් කියන ඔවුන් මේ වන විට ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 20 කි.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල ප්‍රසාද ලකුණු 2 ක්ද සමග මුළු ලකුණු 12 බැගින් ලබා පිළිවෙලින් ‘බී-2’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. දෙපිලම සම ලකුණු ලබා සිටියද සහභාගි වූ තරගවලදී ලබාගත් ලකුණු සහ ලබාදුන් ලකුණුවල පරතරයන් අනුව ඩී.එස්. සේනානායක විදුහල පියවරක් ඉදිරියට පැමිණ තිබේ.

තරගාවලියේ 5 වැනි සතිය මේ වන විට ආරම්භ වී ඇති අතර එහිදී පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තරග 6 ක් පැවැත්වීමට නියමිතය. ඉන් තරග 4 ක් එළඹෙන සෙනසුරාදා (23 වැනිදා) පැවැත්වෙන් අතර සෙසු තරග 2 ඉරිදා (24 වැනිදා) සහ සඳුඳා (25 වැනිදා) පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

මලියදේව - සුමංගල ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.