Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කළ 89 වැනි ‘ක්ලිෆඩ් කුසලාන’ අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මහනුවර ක්‍රීඩා සමාජය ‘ක්ලිෆඩ් කුසලාන’ දිනාගත් 22 වැනි අවස්ථාව මෙය වූ අතර මෙවර ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ වසර 7 කට පසුව වීමද කැපී පෙණුන සිදුවීමක් විය.
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර, නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ අද (6 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 41-33 ක ජයක් වාර්තා කරමින් මහනුවර ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ. තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට 17-14 ක් ලෙස පෙරමුණ ගැනීමටද මහනුවර කණ්ඩායම සමත් විය.
දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 24 ක් එක්කර ගැනීමට මහනුවර ක්‍රීඩකයන් සමත් වෙද්දී, සී.ආර්. ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි. මෙම තරගයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 5 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත් අතර සී.ආර්. කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුමක් මගිනි.
එහිදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඩිලුක්ෂ දන්ගේ, නයිජල් රත්වත්තේ, කෙනුල හෙට්ටිආරච්චි, ඩිල්ෂාඩ් ෆරීඩ් සහ හේෂාන් ජැන්සන් උත්සාහක දිනුම බැගින් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 4 ක ප්‍රවර්ථනයන් සහ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගැනීමට නයිජල් රත්වත්තේ සමත් වූ අතර සෙසු උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ ශාහිඩ් සුම්රි විසිනි.
සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම් 2 ක්ද, චෙමෝද් මුතුනායක, සුබේර් දොරේ සහ මනිල්ක රුබේරු එක් උත්සාහක දිනුමක්ද ලබාගත්තේය. ඉන් උත්සාහක දිනුම් 4 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට සුබේර් දොරේ සමත් විය. එහිදී මහනුවර කණ්ඩායමේ නයිජල් රත්වත්තේ, සී.ආර්. කණ්ඩායමේ ඉමංක ආරියපාල සහ සෙනුර පෙරේරා විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.