Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර සුමංගලයට දැවැන්ත ජයක්

මහනුවර සුමංගලයට දැවැන්ත ජයක්

editorial - 2023 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ පැවැති පළමු සතියේ තරගයකදී කොළඹ කේරි විදුහලට එරෙහිව ලකුණු 50-17 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර සුමංගල විදුහල සමත් විය.

මහනුවර පල්ලේකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 33-07 ක් ලෙස පෙරමුණ ගැනීමට සුමංගල ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී සුමංගල විදුහල ගෝල දිනුම් 4 කින් සහ උත්සාහක දිනුමකින්ද, කේරි විදුහල ගෝල දිනුමකින්ද ලකුණු රැස්කළහ.

දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් ලකුණු 22 ක් රැස්කිරීමට සුමංගල විදුහල සමත් වෙද්දී, කේරි විදුහලට උත්සාහක දිනුම් 2 ක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසානයේ සුමංගල විදුහලට ලකුණු 50-17 ක පහසු ජයක් හිමිවිය.

පළමු කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ පැවැති පළමු සතියේ සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ තර්ස්ටන්, කොළඹ ලුම්බිණි, කොළඹ මහානාම, කුරූණෑගල මලියදේව සහ මොරටුව වේල්ස් කුමර යන විදුහල් සමත් වූහ.

එම තරගවලදී පිළිවෙලින් පිලියන්දල මැදි විදුහල, ගාල්ල ඇලවීෂියස්, කොටහේන ශාන්ත බෙනඩික්, කොළඹ ආනන්ද, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් යන විදුහල් පරාජයට පත් වූහ. ඉන් තරග 2 ක් රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේද, සෙසු තරග කොග්ගල වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී, තර්ස්ටන් සහ මලියදේව විදුහල් ක්‍රීඩාංගණවලදීද පැවැත්විණ.


සිකුරාදා (16 වැනිදා)
■ කොළඹ තර්ස්ටන් විදුහල විසින් ලකුණු 34-17 ක් ලෙස පිලියන්දල මැදි විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ ලුම්බිණි විදුහල විසින් ලකුණු 20-03 ක් ලෙස ගාල්ල ඇලවීෂියස් විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ මහානාම විදුහල විසින් ලකුණු 22-13 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරන ලදි.


සෙනසුරාදා (17 වැනිදා)
■ කුරූණෑගල මලියදේව විදුහල විසින් ලකුණු 07-03 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදි.
■ මහනුවර ශ්‍රී සුමංගල විදුහල විසින් ලකුණු 50-17 ක් ලෙස කොළඹ කේරි විදුහප පරාජය කරන ලදි.
■ මොරටුව වේල්ස් කුමර විදුහල විසින් ලකුණු 13-12 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදි.

 


අදහස් (0)

මහනුවර සුමංගලයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.