Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී රග්බි සංගමයේ පැවැති විධායක සභාවේ කටයුතු අත්හිටුවීමට සිදු වූයේ නැවතත් ශ්‍රී ලංකාවට රග්බි ජාත්‍යන්තර තහනමක් පැනවීමේ අවදානමක් මතුවෙමින් තිබූ නිසා බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කොල්ලුපිටියේදී පැවැති මාධ්‍ය හමුවක්දී ඇමැතිවරයා පැවැසුවේ ශ්‍රී ලංකා රග්බි සංගමය සැලසුම් කර තිබූ පරිදි ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර 2024 ට නියමිත නිලවරණය පැවැත්වීමට නියම කළ කාලය තුළදී අපොහොසත් වූ බවයි. එබැවින් එය ඉටු කර අවසන් කිරීම සදහා ඇමැතිවරයාට පැවැරී තිබෙන බලතල අනුව මේ වන විට ක්‍රියාකොට ඇති බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවැසීය.
මාධ්‍ය හමුවේදී ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද පැවැසීය.
”ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කිරීමේ ක්‍රියාවලිය පමාවීම තුළ නැවැතත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රග්බි තහනමක් පැනවීමේ අවදානමක් උද්ගත වෙලා තිබුණා.ආසියානු රග්බි සංගමය කිව්වේ නිලවරණයේදී ක්‍රීඩා සමාජ වලට වැඩි ඡන්ද පදනමක් ලබා දෙන්න කියලයි.ඒක සාධාරණයි.මොකද රගර් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩා සමාජ නිසා. දැන් නිලවරණයේදී වැඩි ඡන්ද පදනමක් තියෙන්නේ පළාත් සංගම් වලටයි. මේකට රග්බි සංගමයේ කණ්ඩායමක් බය වුණා.තමුන්ගේ ඡන්දවලට බලපෑමක් වෙයි කියලා. මේ ක්‍රියාවලිය ගැන මා කියන්න කැමැතියි.කිසිදු අවස්ථාවකදී ක්‍රීඩා අමාත්‍යාංශය යටිතල පහසුකම් සැලසීම හැරෙන්නට මෙම ප්‍රශ්නයේදී ඔවුන්ගේ වෙනත් වගකීමක් හෝ දායකත්වයක් නැති බව.
පසු ගිය මැයි 29 වැනිදා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා රග්බි සංගමය ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් හතරක ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.ඒ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල්, මහචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා නිවේදනය කළේ ඒ වෙනුවට අතුරු කමිටු පිහිටුවීමේ කිසිදු අදහසක් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ නොමැති බවයි.
ඒ වෙනුවට ඉදිරි දින 60 කාලයක් නොඉක්වමින් ඒවායෙහි මීළග නිලවරණය පවත්වා අවසන් කිරීමට උපදෙස් ලබාදී ඇති බවත් ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවැසීය.
මෙම ජාතික ක්‍රීඩා සංගම් අත් හිටුවීමේදී ඒවායෙහි සම්බන්ධ්කරණ කටයුතු පවත්වා ගෙනයාමේ නිසි බලධාරියා ලෙස පත් කර ඇත්තේද ඔහුය.
මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා රග්බි සංගමය 2023 මැයි 17 වැනිදා ජාත්‍යන්තර රග්බි සංගමයේ තහනමට ලක් විය.ශ්‍රී ලංකාවට පැනවූ එම තහනම 2023 නොවැම්බර් 7 වැනිදා ඉවත් කෙරුණි. 2024 අප්‍රේල් 9 වැනිදා ජාත්‍යන්තර සම්මේලනයේ අනුමැතියෙන් කෙටුම්පත් කළ මෙරට රග්බි ව්‍යවස්ථාව ශ්‍රී රග්බි සංගමයට එවා තිබේ.
ඊට නිතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබියදී 2024 මැයි 31 වැනිදාට පෙර සංගමයේ මහ සභා රැස්වීමක් කැදවා මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම පිළිබදව චෝදනාව එල්ල වෙමින් තිබියදී රග්බි සංගමයේ ක්‍රීයාකාරිත්වය ක්‍රීඩා ඇමැතිවරයා මෙලෙස අත්හිටුවනු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.