Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ 25-10 කින් දිනති

රාජකීයයෝ 25-10 කින් දිනති

editorial - 2024 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ඩයලොග් පාසල් රග්බි ලීග් ශූරතා තරගාවලියේ "ඒ"කොටසේ තරගයක් වශයෙන් මහනුවර නිත්තවල ක්‍රීඩා පිටියේදී පැවති විද්‍යාර්ථ විදුහලත් රාජකීය විදුහලත් අතර රග්බි තරඟයෙන්ලකුණු 25-10 ක් වශයෙන් ජය වාර්තා කළ රාජකීය විදුහල ප්‍රසාද ලකුණු ද සමඟින් පාසල් රග්බි පොර පිටියේ තම අණසක තවදුරටත්රැක ගැනීමට සමත් විය.

ජයග්‍රාහී රාජකීය පිල උත්සාහක දිනුම් පහක් මගින් ලකුණු රැස්කළ අතර විද්‍යාර්ථ විදුහල උත්සහක දිනුම් දෙකක් මගින් ලකුණු රැස් කළේය .

මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වූ බැවින් තරඟය නැරඹීමට අති විශාල ප්‍රේක්ෂක පිරිසක් නිත්තවෙල ක්‍රීඩා පිටියට එක් රැස් වීසිටියහ .

තරග විනිසුරු අරුණ ශාන්ත මහතාගේ ප්‍රථම නළා හඬින් තරඟය ආරම්භ වී පස් වැනි විනාඩියේදී ප්‍රතිවාදී ලකුණු සීමාව ආක්‍රමණය කිරීමටරාජකීය පිලේ නසීම් මොහොමඩ් සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය .

පළමු අර්ධය නිමාවීමට කෙටි වේලාවක් තිබියදී නැවතත් විද්‍යාර්ථ ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට රාජකීය පිලේඅයේෂ් සියාම් සමත් විය. ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 10-00 ක් වශයෙන් රාජකීය පිළ ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී 10 වැනි විනාඩියේදී රාජකීය පිලේ අයේෂ් සියාම් නැවතත් සමත් විය. එහි ප්‍රවර්තනයද අසාර්ථක විය. ඉන් විනාඩි පහකට පසු රජකීය පිලේ ටී.ඩී. ගමගේ විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්ධනයද අසාර්ථක විය.

තරඟයේ 20 වැනි විනාඩියේදී විද්‍යාර්ථයේ කේ.එච්.විජේතුංග ප්‍රථම වතාවට රාජකීය ලකුණු සීමාවට කඩා වැදුණු අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

රාජකීය පිලේ ඩී.එස්. පතිරණ තවත් උත්සහක ගිණුමක් වාර්තා කරන ලද අතර ඇහි ප්‍රවර්තනය ද අසාර්ථක විය.

තරඟය නිමාවීමට මොහොතක් තිබියදී විද්‍යාර්ථ විද්‍යාර්ථ පිලේ වී. එස්. පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය.


අදහස් (0)

රාජකීයයෝ 25-10 කින් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.