Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ ඊයේ (16 වැනිදා) පැවති තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව ලකුණු 38-10 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය.
කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි ක්‍රීඩකයෝ ලකුණු 24-05 ක් ලෙස පෙරමුණ ගත්හ. එහිදී වෙස්ලි විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කළ අතර විද්‍යා විදුහල ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේදී ක්‍රීඩකයන් රැසක් ආදේශ කරමින් තරග වැදුණ වෙස්ලි විදුහල, එහිදී තවත් ගෝල දිනුම් 2 ක් වාර්තා කිරීමට සමත් වූ නමුත් විද්‍යා ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ තවත් උත්සාහක දිනුමක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 38-10 ක් ලෙස වෙස්ලි විදුහලට පහසු ජයක් හිමිවිය.
(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.