Last Update  :  2024-12-27 12:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩා සැණකෙළියේ රග්බි තරග අංශ දෙකකින්

ශ්‍රී ලංකා ක්‍රීඩා සැණකෙළියේ රග්බි තරග අංශ දෙකකින්

editorial - 2024 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සමග එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා ක්‍රීඩා සැණකෙළිය අද (16), හෙට (17) සහ අනිද්දා (18) දිනවල කොළඹ පැරණි තුරඟ තරග පිටිය කේණ්ද්‍ර කර ගනිමින් ඒ අවට පිහිටි ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.  

මෙම ක්‍රීඩා සැණකෙළියට ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ පැසිපන්දු යන කණ්ඩායම් ක්‍රීඩා හතක් ඇතුළත්වන අතර ඊට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 3,000 ඉක්මවනු ඇත.

මෙහි රග්බි තරග ක්‍රීඩා සමාජ සහ පාසල් වශයෙන් අංශ දෙකක් යටතේ පැවැත්වෙන අතර ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් 17 ක්ද, පාසල් තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක්ද එක්ව සිටියි. එහිදී ක්‍රීඩා සමාජ ශූරතාව සඳහා සත් සාමාජික කණ්ඩායම් තරගවදින අතර පාසල් ශූරතාව සඳහා 10 සාමාජික කණ්ඩායම් තරග වදිනු ඇත. 

ක්‍රීඩා සමාජ පිරිමි තරග ‘ඒ’ සහ ‘බී’ ලෙස කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි ‘ඒ’ කොටස යටතේ සී.එච්. ඇන්ඞ් එෆ්.සී., හැව්ලෝක්ස්, සී.ආර්. ඇන්ඞ් එෆ්.සී., යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය තරග වදින අතර ‘බී’ කාණ්ඩය යටතේ සී.එච්. ඇන්ඞ් එෆ්.සී., හැව්ලෝක්ස්, යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ‘බී’ කණ්ඩායම් තරග වදිනු ඇත.

ක්‍රීඩා සමාජ කාන්තා තරග සඳහා සී.ආර්. ඇන්ඞ් එෆ්.සී., යුධ හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම් සහභාගි වීමට නියමිතය. මෙම සියලුම තරග කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ. 

මෙහි පාසල් තරග සඳහා වයස අවුරුදු 16 න් පහළ කණ්ඩායම් සහභාගිවන අතර එහිදී ඔවුන් ‘ඒ’, ‘බී’, ‘සී’, සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ මූලික වටයේදී තරග වැදීමට නියමිතය. බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ රාජකීය, කොළඹ ඉසිපතන සහ ගල්කිස්ස සාන්ත තෝමස් යන විදුහල් එහිදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනු ඇත. 

මරදාන ශාන්ත ජෝසප්, ගල්කිස්ස විද්‍යා, කොළඹ වෙස්ලි සහ කොළඹ ඩී.එස්. සේනානායක යන විදුහල් ‘බී’ කාණ්ඩය යටතේද, කොළඹ තර්ස්ටන්, මරදාන සහිරා, මහනුවර ත්‍රිත්ව සහ මහනුවර ධර්මරාජ යන විදුහල් ‘සී’ කාණ්ඩය යටතේද, මහනුවර විද්‍යාර්ථ, කටුගස්තොට ශාන්ත අන්තෝනි, මහනුවර කිංග්ස්වුඞ් සහ මහනුවර ශ්‍රී සුමංගල යන විදුහල් ‘ඩී’ කාණ්ඩය යටතේද තරග වැදීමට නියමිතය. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩා සැණකෙළියේ රග්බි තරග අංශ දෙකකින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.