Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ අනු ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. සුපිරි 4 දෙනාගේ වටය යටතේ ඊයේ (15 වැනිදා) පැවති අවසන් තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 26-11 ක ජයක් වාර්තා කරමින් ඔවුහු එම අනු ශූරතාවට හිමිකම් කීහ.
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 11-07 ක් ලෙස පෙරමුණ ගැනීමට වෙස්ලි විදුහල සමත් විය. එහිදී වෙස්ලි ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු රැස්කළ අතර ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ ගෝල දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක නිරත වූ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් ලබාගත් අතර වෙස්ලි විදුහලට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් නොදුන්හ. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 26-11 ක් ලෙස තරගයේ ජය ශාන්ත ජෝෂප් විදුහල සතු විය.
මූලික වටයේදී සහභාගි වූ තරග 5 න් 4 ක් ජයගත් ශාන්ත ජෝෂප් විදුහල, සුපිරි 4 දෙනාගේ වටයේදී සහභාගි වූ තරග 2 න් එක් තරගයක් ජයගත්තේය. ඒ අනුව ප්‍රසාද ලකුණු 5 ක්ද සමග ඔවුන් ලබාගත් මුලු ලකුණු සංඛ්‍යාව 30 කි. ජයග්‍රහණ 5 ක් සමග ලකුණු 29 ක් ලබා සිටි කොළඹ රාජකීය විදුහලට මෙවර තරගාවලියේ අනු ශූරතාව අහිමි වූයේ එක් ලකුණකිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.