Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ 2025 රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් එකෝන් සමූහ ව්‍යාපාරය ඉදිරිපත් වී තිබේ. පිට පිට දෙවැනි වසරටත් ශාන්ත ජෝෂප් රග්බි කණ්ඩායමේ ප්ලැටිනම් අනුග්‍රාහකයා වශයෙන් ‘අලියාන්ස්’ රක්‍ෂණ සමාගම ඉදිරිපත්වී සිටින අතර සම අනුග්‍රාහකයන් වශයෙන් ‘ප්‍රීමා’ සමාගම ඉදිරිපත් වී සිටී.
මෙවර පාසල් රග්බි තරග වාරයේදී ශාන්ත ජෝෂප් කණ්ඩායම ජනිත් මාරසිංහ විසින් මෙහෙයවනු ලබයි. බීෂ්ම ජයසේකර කණ්ඩායමේ උපනායකයා ලෙසින් කටයුතු කරයි.
ජනිත් මාරසිංහ අංක 8 කමිසයෙන් සැරසී තරග කරන අතර බීෂ්ම ජයසේකර අංක 10 කමිසයෙන් සැරසී තරග කරනු ඇත. ශාන්ත ජෝෂප් විද්‍යාලයේ රග්බි කමිසය, කොළඹ 7 ජෙට්වින් හෝටලයේදී පසුගියදා එළිදක්වනු ලැබිණ.
අන්තර් පාසල් රග්බි තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ශාන්ත ජෝෂප් රග්බි කණ්ඩායම 2017 දී ජනාධිපති කුසලානයට හිමිකම් කීවේය.
ප්‍රධාන අනුග්‍රහය පිළිගනිමින් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයන් වීමේ භාරදූර වගකීම බාරගත් එකෝන් සමාගම සිය අනුග්‍රාහකත්වය විද්‍යාලයේ අදියුරු පියතුමන් වන ගරු රංජිත් අන්ද්‍රාන්දි පියතුමන් වෙත පිළිගන්වන ලද අවස්ථාව. විද්‍යාලයීය රග්බි උපදේශන කමිටුවේ සභාපති ශමාල් රුද්රිගු, විද්‍යාලයේ අදියුරු පියතුමන් වන ගරු රංජිත් අන්ද්‍රාන්දි පියතුමා, එකෝන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මාලිංග අර්සකුලරත්න, එකෝන් සමූහ ව්‍යාපාරයේ ශ්‍රී ලාංකීය කොටස්කරු හරිත් පෙරේරා, හෝනට්ස් සමාගමේ ලලිත් ද මැල් සහ චුත්බර්ට් චාල්ස් යන මහත්වරු ඡායාරූපයේ වමේ සිට පිළිවෙලින් සිටිති.
ශාන්ත ජෝෂප් රග්බි කමිසයේ හිමිකරුවෝ
වමේ සිට පිළිවෙලින් අශේන් මිනුර, හිමේෂ් ගමගේ, ජනිත් මාරසිංහ (නායකයා), බීෂ්ම ජයසේකර (උපනායකයා) සහ ඉනෝෂ් සිල්වා
(ඡායාරූප - ඉසුරු පෙරේරා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.