Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් රග්බි ලීගය ආරම්භ කරමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහල අනිද්දා (14 වැනිදා) මහනුරව, බෝගම්බර ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත.
මෙම තරගාවලිය ‘ඒ’, ‘බී’ සහ ‘සී’ ලෙස කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වෙන අතර පළමු සතියේදී ‘ඒ’ කාණ්ඩයේ තරග 6 ක්ද, ‘බී’ කාණ්ඩයේ තරග 6 ක්ද පැවැත්වෙනු ඇත. ‘සී’ කාණ්ඩයේ තරග ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජූනි මස 27 වැනිදාය. සියලුම තරග පස්වරු 4.15 ට ආරම්භ වීමට නියමිතය.
කොළඹ ඉසිපතන, මරදාන ශාන්ත ජෝෂප්, කොළඹ වෙස්ලි, ගල්කිස්ස සාන්ත තෝමස්, කටුගස්තොට ශාන්ත අන්තෝනි, මහනුවර කිංග්ස්වුඩ්, කොළඹ ඩී. එස්. සේනානායක, කොළඹ රාජකීය, මහනුවර ත්‍රිත්ව, මහනුවර විද්‍යාර්ථ, ගල්කිස්ස විද්‍යා, මහනුවර ධර්මරාජ, බම්බලපිටිය ශාන්ත පීතර සහ මරදාන සහිරා විදුහල් ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිති.
‘බී’ කාණ්ඩය යටතේ තරග වදින්නේ කොළඹ තර්ස්ටන්, කුරුණෑගල මලියදේව, කොළඹ ලුම්බිණි, ගාල්ල ශාන්ත ඇලවීෂියස්, කොළඹ ආනන්ද, මහනුවර ශ්‍රී සුමංගල, මොරටුව වේල්ස් කුමර, කොළඹ මහානාම, කොටහේන ශාන්ත බෙනඩික්ට්, මහනුවර ශාන්ත සිල්වෙස්ටර්, කොළඹ කේරී සහ පිළියන්දල මධ්‍ය මහ විදුහලය.
‘ඒ’ කාණ්ඩයේ තරග
■ 14 වැනිදා - ශාන්ත අන්තෝනි විදුහල සහ ශාන්ත ජෝෂප් විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී
■ 16 වැනිදා - විද්‍යාර්ථ විදුහල සහ විද්‍යා විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී
■ 17 වැනිදා - ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල අතර බම්බලපිටි ශාන්ත පීතර ක්‍රීඩාංගණයේදී
■ 17 වැනිදා - සාන්ත තෝමස් විදුහල සහ වෙස්ලි විදුහල අතර ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩාංගණයේදී
■ 17 වැනිදා - ධර්මරාජ විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී
■ 18 වැනිදා - කිංග්ස්වුඩ් විදුහල සහ ඉසිපතන විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී
‘බී’ කාණ්ඩයේ තරග
■ 16 වැනිදා - තර්ස්ටන් විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී
■ 16 වැනිදා - ශාන්ත ඇලවීෂියස් විදුහල සහ ලුම්බිණි විදුහල අතර කොග්ගල වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී
■ 16 වැනිදා - මහානාම විදුහල සහ ශාන්ත බෙනඩික්ට් විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
■ 17 වැනිදා - මලියදේව විදුහල සහ ආනන්ද විදුහල අතර කුරුණෑගල මලියදේව ක්‍රීඩාංගණයේදී
■ 17 වැනිදා - ශ්‍රී සුමංගල විදුහල සහ කේරි විදුහල අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
■ 17 වැනිදා - වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.