Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සැමෝවාහිදී පැවැත්වෙන 5 වැනි යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ ඊයේ (9) සහ අද (10) පැවැති තරග වලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් දිනා ඇති පදක්කම් සංඛ්‍යාව 6 කි. ඉන් 4 ක් රිදී පදක්කම් වන අතර 2 ක් ලෝකඩ පදක්කම් වේ.
තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනාගෙන් 6 දෙනෙකුම මේ වන විට පදක්කම් දිනාගැනීමට සමත් වීමද කැපී පෙනෙන සිදුවීමකි.
බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 77 බර පංතියෙන් තරග වැදුණ මහනුවර ති‍්‍රත්ව විදුහලේ බෙවිෂාන් විජේවික්‍රම සහ මීටර් 400 කඩුලූ පැන දිවීමේ තරගයට සහභාගි වූ අඹගමුව මැදි විදුහලේ යමානි දුංලජලී එම ඉසව් වල රිදී පදක්කම් දිනාගත්හ.
කිලෝ ග්‍රෑම් 94 බර පංතියෙන් බර ඉසිලීමට ඉදිරිපත් වූ කොළඹ රාජකීය විදුහලේ ඉසුරු සේනාධිර එහි ලෝකඩ පදක්කමට කිමිකම් කීවේය.
මින් පෙර පැවැති තරග වලදී කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙන් තරග වැදුණ ඉර ඉසිලීමේ කී‍්‍රඩිකා ශ්‍රීමාලි සමරකෝන් සහ පිරිමි උස පැනීම ඉසව්වට සහභාගී වූ රොෂාන් ධම්මික රණතුංග රිදී පදක්කම් දිනාගත් අතර කාන්තා කේවල ස්කොෂ් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා මිහිලියා මෙත්සරණි ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.