Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සති අන්තයේ පාසල් රග්බි තරග කල් දමයි

සති අන්තයේ පාසල් රග්බි තරග කල් දමයි

editorial - 2022 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඩයලොග් පාසල් රග්බි ලීගය යටතේ මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඊයේ (7 වැනිදා) අන්තර් ජාලය ඔස්සේ පැවැති පාසල් රග්බි සංගමයේ විධායක කමිටු රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.

හෙට (9 වැනිදා) සහ අනිද්දා (10 වැනිදා) යන දිනවලදී දිවයින පුරා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. කල් දමන ලද තරග බොහෝ දුරට තරගාවලියේ 6 වැනි සතියේදී පැවැත්වීමට නියමිත බවද එහිදී වැඩි දුරටත් වාර්තා වේ.

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග 5 ක් සහ ‘බී’ කාණ්ඩයේ තරග 5 ක් මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබිණ. ඉන් තරග 7 ක් හෙට දිනයේදීද, තරග 3 ක් අනිද්දා දිනයේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.


පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කල් දැමුණ තරග
■ කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී
■ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
■ මරදාන ශාන්ත ජොෂප් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
■ මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
■ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී


 පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ කල් දැමුණ තරග
■ මරදාන සහිරා විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී
■ කොළඹ තර්ස්ටන් විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී
■ මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී
■ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
■ කොළඹ ලුම්බිණී විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

සති අන්තයේ පාසල් රග්බි තරග කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.