Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සහිරා - ඩී.එස්. පළමු කොටසේ ’ඒ’ කාණ්ඩයට
ඩයලොග් පාසල් රග්බි

සහිරා - ඩී.එස්. පළමු කොටසේ ’ඒ’ කාණ්ඩයට

editorial - 2022 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් ලබන වසරේදී (2023) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට අවස්ථාව උදාකර ගැනීමට මරදාන සහිරා විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.

‘බී-1’ අනු කාණ්ඩය යටතේ තරග වැදුණ සහිරා විදුහල සහභාගි වූ තරග 5 ම ජයගනිමින් අපරාජිතව එහි ශූරයන් බවට පත්විය. ‘බී-2’ අනු කාණ්ඩය යටතේ තරග වැදුණ ඩී.එස්. සේනානායක විදුහල එහි ශූරයන් බවට පත්වූයේද සහභාගි වූ තරග 5 ම ජයගෙන සිය අපරාජිත බව රැකගනිමිනි.

සහභාගි වූ තරග 5 න් 3 ක් ජයගත් කුරුණෑගල මලියදේව විදුහල ‘බී-1’ අනු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ අතර කොළඹ තර්ස්ටන් විදුහල ‘බී-1’ අනු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූයේ සහභාගි වූ තරග 5 න් 4 ක් ජයගනිමිනි.

සති 7 ක් පුරා පැවැති පළමු කොටසේ 'බී' කාණ්ඩයේ තරගාවලියේදී පාසල් 12 ක් තරග වැදුණ අතර එහිදී ‘බී-1’ සහ ‘බී-2’ ලෙස අනු කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්විණ. තරගාවලිය අවසානයේ එම අනු කාණ්ඩ දෙකේ ශුරයන් බවට පත්වූ කණ්ඩායම් දෙක ලබන වසරේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීම සඳහා උසස්වීම් ලැබීය.


අදහස් (0)

සහිරා - ඩී.එස්. පළමු කොටසේ ’ඒ’ කාණ්ඩයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.