Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ සෙනසුරාදා (16 වැනිදා) පැවැති තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මරදාන සහිරා විදුහල සහ කොළඹ මහානාම විදුහල සමත් වූහ.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කොළඹ ලුම්බිණී විදුහලට එරෙහිව ලකුණු 37-03 ක් ලෙස සහිරා විදුහලද, ගාල්ල ඇලවීෂියස් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඇලවීෂියස් විදුහලට එරෙහිව ලකුණු 12-08 ක් ලෙස මහානාම විදුහලද ජය ලැබූහ.
සහිරා - ලුම්බිණී තරගයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 6 ක් සමග සහිරා විදුහල ලකුණු රැස්කළ අතර ලුම්බිණී විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහරක් මගිනි. මහානාම - ඇලවීෂියස් තරගයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමග මහානාම විදුහල ලකුණු රැස්කරද්දී, ඇලවීෂියස් විදුහල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළේය.
පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තවත් තරගයක් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර සෙනසුරාදා පැවැති අතර එය ලකුණු 17-17 ක් ලෙස සමව නිමාවට පත්විය. එහිදී කණ්ඩායම් දෙකම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් බැගින් ලබාගත්හ.
සෙනසුරාදා (16 වැනිදා) පැවැති පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තරග
■ මරදාන සහිරා විදුහල විසින් ලකුණු 37-03 ක් ලෙස කොළඹ ලුම්බිණි විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ මහානාම විදුහල විසින් ලකුණු 12-08 ක් ලෙස ගාල්ල ඇලවීෂියස් විදුහල පරාජය කරන ලදි.
■ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර තරගය ලකුණු 17-17 ක් ලෙස සම විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.