Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය යටතේ ගුවන් හමුදාව සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ඉරිදා (12 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27-16 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
සී.ආර්. කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ සිවුවැනි ජය මෙය වන අතර එහිදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් සී.ආර්. කණ්ඩායමට ප්‍රසාද ලකුණක්ද හිමි විය. නාවික හමුදා කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ දෙවැනි පරාජයද මෙය විය.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 12-06 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. දෙවැනි අර්ධයේදී සී.ආර්. කණ්ඩායම ලකුණු 15 ක් රැස්කරද්දී, ගුවන් හමුදා ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.
පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් සී.ආර්. ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළහ. ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී දඬුවම් පහර 2 ක් මගින්ද, දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබාගත්හ.
තරගයේ 23 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් ගයන්ත ඉද්දමල්ගොඩ, ගුවන් හමුදාව වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එහෙත් 30 වැනි විනාඩියේදී විදුන අමනෙත් ලබාගත් උත්සාහක දිනුමත් සමග ලකුණු 5-3 ක් ලෙස තරගයේ පෙරමුණට පැමිණීමට සී.ආර්. කණ්ඩායමට හැකි විය.
තවත් දඬුවම් පහරක් 34 වැනි විනාඩියේදී සාර්ථක කරගත් ගයන්ත ඉද්දමල්ගොඩ, ලකුණු 6-5 ක් ලෙස ගුවන් හමුදාව ඉදිරියට ගෙන ඒමට සමත් වුවද, පළමු අර්ධය නිමාවීමට ඔන්න මෙන්ම තිබියදී උත්සාහක දිනුමක් වාර්තා කළ රිනේෂ් සිල්වා සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සුබේර් දොරේ ලකුණු 12-6 ක් ලෙස එම අර්ධයේ වැඩි වාසි තම කණ්ඩායමට අත්කර දුන්හ.
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 4 ක් ගතවන විට ගුවන් හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගැනීමට ශාමික කෞෂාන් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ඉද්දමල්ගොඩ ලකුණු 13-12 ක් ලෙස යළිත් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය. ඉන් නොනැවතුණ ඉද්දමල්ගොඩ 48 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු තත්වය 16-12 ක් බවට පත් කළේය.
කෙසේ වුවත් 55 වැනි විනාඩියේදී නවීන් මාරසිංහ ලබාගත් උත්සාහක දිනුමත් සමග අළු ගසා දමා නැඟිටි සී.ආර්. ක්‍රීඩකයෝ, ලකුණු 17-16 ක් ලෙස නැවතත් ගුවන් හමුදාව පසුපසට තල්ලු කළහ. 72 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් සුබේර් දොරේ ලකුණු තත්වය 20-16 ක් බවට පත්කරමින් පරතරය තවත් වැඩි කළේය.
තරගය නිමා වීමට ඔන්න මෙන්න තිබියදී සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ නවීන් මාරසිංහ සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සුබේර් දොරේ, ලකුණු තත්වය 27-16 ක් දක්වා ඉහළ දමමින් ප්‍රසාද ලකුණක්ද සමග සී.ආර්. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.