Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. - පොලිස් අවසන් පූර්ව තරගය අද

සී.ආර්. - පොලිස් අවසන් පූර්ව තරගය අද

editorial - 2023 පෙබ මස 28 179 Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2023 අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර අද (1 වැනිදා) පස්වරු 4.00 සිට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. 

මූලික වටයේදී නිතරග ජයක් ලබා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට පිවිසි අතර පොලිසිය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී ලකුණු 22-17 ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරමිනි. 

තරගාවලියේ සෙසු අවසන් පූර්ව තරගය යුද හමුදාව සහ නාවික හමුදාව අතර හෙට (2 වැනිදා) පස්වරු 4.00 සිට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය මෙම මස 5 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. 

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කරන අතර වෙබෙක්ස්පේ සහ සිද්ධාලේප සෙසු අනුග්‍රාහකයන් ලෙස තරගාවලියට එක්ව සිටියි. 
 

 


අදහස් (0)

සී.ආර්. - පොලිස් අවසන් පූර්ව තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.