Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. - හැව්ලොක්ස් කරට කර සටනක
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. - හැව්ලොක්ස් කරට කර සටනක

editorial - 2025 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතිය නිමාවට පත්වන විට ලකුණු 36 බැගින් සම ලකුණු ලබා සිටින සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට කරට කර සටනක නිරතව සිටියි. 

කෙසේ වුවත් මෙතෙක් සහභාගි වූ තරග 6 ම ප්‍රසාද ලකුණක්ද සමග ජයගෙන සිටින සී.ආර්. ක්‍රීඩකයෝ තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට සමත්ව සිටිති. සම ලකුණු ලබා සිටියද එක් තරගයක් පරාජයට පත්වීම හේතුවෙන් හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබේ. 

මහනුවර කණ්ඩායම තරග 6 කට සහභාගි වී එම තරග 6 ම ජයගෙන තිබුණද, එහිදී ලබාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 5 ක් පමණි. හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී මහනුවර කණ්ඩායමට ප්‍රසාද ලකුණක් ලබාගැනීමට නොහැකි විය. ඒ අනුව ඔවුන් ලකුණු 35 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. 

තවමත් තරගාවලිය තුළ අපරාජිතව සිටින කණ්ඩායම් දෙක වන්නේ සී.ආර්. කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම පමණි. සෙසු සෑම කණ්ඩායමක්ම එක් තරගයක් හෝ පරාජයට පත්ව තිබේ. ගුවන් හමුදා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් සමග තරග 3 ක් ජයගෙන ලකුණු 17 ක් ලබා ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවේ. 

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. 

කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.

 
හත්වැනි සතියේ තරග ප්‍රතිඵල 
■ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 39-33 කින් නාවික හමුදාව පරදවයි. 
■ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 40-20 කින් පොලිසිය පරදවයි. 
■ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 27-21 කින් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවයි. 
■ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 37-05 කින් ගුවන් හමුදාව පරදවයි. 


අදහස් (0)

සී.ආර්. - හැව්ලොක්ස් කරට කර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.