Last Update  :  2025-03-14 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. පිලට තියුණු ජයක්
අන්තර් සමාජ රග්බි ලීගය

සී.එච්. පිලට තියුණු ජයක්

editorial - 2025 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ යුද හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර සෙනසුරාදා (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 19-17 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මෙම තරගාවලියේදී ලැබූ දෙවැනි  ජය මෙය වූ අතර එහිදී ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජය වීම හේතුවෙන් යුද හමුදා කණ්ඩායමට එක් ප්‍රසාද ලකුණක් හිමි විය. මෙම තරගය ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පැවැත්විණි. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-05 ක් ලෙස පෙරමුණ ගැනීමට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුවද, දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ වූ සී.එච්. ක්‍රීඩකයෝ තවත් ලකුණු 14 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතු කරගත්හ. යුද හමුදා ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි. 

පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම, දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් මගිනි. යුද හමුදා කණ්ඩායම පළමු අර්ධයේදී උත්සාහක දිනුම් 2 ක් මගින්ද, දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින්ද ලකුණු ලබාගත්තේය. 


අදහස් (0)

සී.එච්. පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.