Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘බී‘ කාණ්ඩය යටතේ අද (17 වැනිදා) පැවැති තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් වූහ.
එහිදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව ලකුණු 36-10 ක් ලෙස සුමංගල විදුහලද, කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 24-07 ක් ලෙස ඩී.එස්. සේනානායක විදුහලද පහසු ජයග්‍රහණ ලැබූහ.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවති සුමංගල - ආනන්ද තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-03 ලෙස සුමංගල විදුහල ඉදිරියෙන් පසුවිය. එහිදී උත්සාහක දිනුම් 3 ක් මගින් සුමංගල විදුහල ලකුණු රැස්කළ අතර ආනන්ද විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී සුමංගල විදුහල ගෝල දිනුම් 3 ක් මගින් ලකුණු රැස්කරද්දී, ආනන්දීයයන්ට ලකුණු ලබාගත හැකි වූයේ එක් ගෝල දිනුමක් මගිනි පමණි. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ ලකුණු 36-10 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට සුමංගල ක්‍රීඩකයෝ සමත් වූහ.
කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ඩී.එස්. - තර්ස්ටන් තරගයේදී ඩී.එස්. සේනානායක විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර තර්ස්ටන් විදුහලට ලකුණු හිමිවූයේ දඬුවම් උත්සාහක දිනුමක් මගිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.