Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘බී’ කොටස යටතේ ඊයේ (26 වැනිදා) පැවැති තරග දෙකකදී ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය. එහිදී ලකුණු 47-14 ක් ලෙස ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කිරීමට මහනුවර ශ්‍රී සුමංගල විදුහල සමත් වූ අතර ලකුණු 07-05 මොරටුව වේල්ස් කුමර විදුහල හමුවේ කොළඹ ලුම්බිණී විදුහල පරාජයට පත් විය.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සුමංගල විදුහල ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුමක් සහ දඬුවම් උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ අතර සිල්වෙස්ටර් විදුහල ලකුණු රැස්කළේ ගෝල දිනුම් දෙකක් සමගිනි. රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී වේල්ස් කුමර විදුහල ගෝල දිනුමක් සමගින්ද, ලුම්බිණී විදුහල උත්සාහක දිනුමක් සමගින්ද ලකුණු ලබා ගත්තේය.
මරදාන සහිරා විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර ඉකුත් සෙනසුරාදා (25 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ‘බී’ කොටසේ තරගය මහානාම විදුහලේ ඉල්ලීමකට අනුව කල් දැමීමට පියවරගත් බවද, එය තරගාවලියේ 6 වැනි සතියේ තරගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද පාසල් රග්බි සංගමයේ තරගාවලි ලේකම් සාලිය ඇලෙක්සැන්ඩර් මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඉරිදා (26 වැනිදා) පැවැති තරග
■ මහනුවර ශ්‍රී සුමංගල විදුහල විසින් ලකුණු 47-14 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදි.
■ මොරටුව වේල්ස් කුමර විදුහල විසින් ලකුණු 07-05 ක් ලෙස කොළඹ ලුම්බිණී විදුහල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.