Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස් ආධාරකරුවන්ට මහනුවරදී පහර දෙති

හැව්ලොක්ස් ආධාරකරුවන්ට මහනුවරදී පහර දෙති

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර නිත්තවෙල පිටියේදී අද (26) මහනුවර පිල සහ හැව්ලොක්ස් පිල අතර පැවැති ඩයලොග් ‘ක්ලිෆ්ර්ඞ්’ කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට නිමාවීමෙන් පසුව හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකයන්ගේ දෙමව්පියන්ට සහ එහි ආධාරකරුවන්ට ප්‍රේක්‍ෂකයන් විශාල පිරිසක් පහරදීමට තැත්කිරීමෙන් ඔවුහූ දැඩි අපහසුතාවට පත්වූහ.

අපහසුතාවට පත්වූ පිරිස අතර හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකගේ මව්වුරු සහ  සහෝදරියෝ ද වූහ. කලහකාරී ලෙස හැසිරුණු ප්‍රේක්‍ෂකයෝ හැව්ලොක්ස් ආධාරකරුවන් වෙතට වතුර බෝතල් ඇතුඵ විවිධ දේවල්වලින් පහර ද දුන්හ. තරගය අවසන් වීමෙන් පසුව ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරය තුළද ගුටි බැට හුවමාරුවක් ද දැකගත හැකි විය.

එම තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීහූ ප්‍රේක්‍ෂකාගාරයට පැමිණ හැව්ලොක්ස් පිලේ ආධාරකරුවන්ට ආරක්‍ෂාව සැපයූ ආකාරය ද දැකගත හැකිවිය.  


- 048

 


අදහස් (0)

හැව්ලොක්ස් ආධාරකරුවන්ට මහනුවරදී පහර දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.