Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති යටතේ යුද හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති තරගයෙන් හැව්ලොක්ස් පිල ලකුණු 27-22 ක ජයක් ලැබීය.
හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේදී පිට පිටම ලැබූ පස්වැනි ජය මෙය වන අතර හැව්ලොක්ස් පිල ද තරගාවලියේ අපරාජිතව සිටියි.
ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල 3 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු රැස්කිරීමට සමත් විය. යුද හමුදා පිලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට හැව්ලොක්ස් පිල ලකුණු 10-7 ක් ලෙස පෙරමුණේ පසු විය.
ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල වෙනුවෙන් ජනික් ජයසූරිය, සමන්ත ලක්‍ෂාන් සහ දුෂ්මන්ත ප‍්‍රියදර්ශන උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ.
රිම්සි ජමාල්ඞීන් දඩුවම් පහර සහ ගෝල ප‍්‍රවර්ථන සාර්ථක කරමින් හැව්ලොක්ස් පිලට අතිරේක ලකුණු එකතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.