Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක් ක්‍රීඩකයෝ පොලිස් දෑතට මාංචු දමති
අන්තර් සමාජ පළමු පෙළ

හැව්ලොක් ක්‍රීඩකයෝ පොලිස් දෑතට මාංචු දමති

editorial - 2023 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය යටතේ සෙනසුරාදා (30 වැනිදා) තිඹිරිගස්යාය‍පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 16-05 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමටද හැව්ලොක් කණ්ඩායමට හැකි විය.
 
තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 13-00 ක් ලෙස පෙරමුණ ගත් හැව්ලොක් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 3 ක් ලබාගත්හ. දෙවැනි අර්ධයේදී දෙවැනි අර්ධයේදී ලකුණු 5 ක් ලබාගැනීමට පොලිස් ක්‍රීඩකයන් සමත් වුවද, පළමු අර්ධ අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය හැව්ලොක් කණ්ඩායමට හිමිවිය.

හැවිලොක් කණ්ඩායම ගෝල දිනුමක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබාගනිද්දී, පොලිස් කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. එහිදී හැව්ලොක් කණ්ඩායමේ ජයතු රාජරත්න (47 වැනි විනාඩියේදී) සහ ෆයිස් අබ්දුල්ලා (69 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ.

හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් රන්දිත වර්ණපුර 35 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය මෙන්ම 16 වැනි, 40 වැනි සහ 71 වැනි විනාඩිවලදී හැව්ලොක් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 3 ක්ද සාර්ථක කරගැනීමට සැමුවෙල් මධුවන්ත සමත් විය. පොලිස් කණ්ඩායම වෙනුවෙන් හිරන්ත පෙරේරා උත්සාහක දිනුමක් ලබාගත්තේ 55 වැනි විනාඩියේදීය.


අදහස් (0)

හැව්ලොක් ක්‍රීඩකයෝ පොලිස් දෑතට මාංචු දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.