Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නාවික හමුදාවට එරෙහිව ලකුණු 55-05 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය අද (29 වැනිදා) සමත් විය.
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 29-05 ක් ලෙස පෙරමුණ ගත් හැව්ලොක් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 26 ක් ලබා ගත්තේ එහිදී නාවික හමුදාවට එක් ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් නොදෙමිනි.
හැව්ලොක් කණ්ඩායම ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුම් 4 ක් මගින් ලකුණු ලබාගත් අතර නාවික හමුදාව ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි. නාවික හමුදාවේ ස්ටීවන් ග්‍රෙගරි 23 වැනි විනාඩියේදී එම උත්සාහක දිනුම ලබාගත් අතර දිමුත් පෙරේරා 19 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය.
හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් ඔලිවර් බක්ල් 9 වැනි විනාඩියේදීද, මොහොමඩ් රිෆාන් 16 වැනි විනාඩියේදීද, දිනූප සෙනෙවිරත්න 20 වැනි විනාඩියේදීද, සෙනාල් දිලීක 29 වැනි විනාඩියේදීද, ජයතු රාජරත්න 40 වැනි විනාඩියේදීද, අස්මීර් ෆාජුඩීන් 45 වැනි විනාඩියේදීද, රවීන් ප්‍රනාන්දු 50 වැනි විනාඩියේදීද, උදාර ජයපයියා 58 වැනි විනාඩියේදීද, ගනිඳු ලක්ෂාන් 66 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ.
ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට සන්දේෂ් ජයවික්‍රම සමත් වූ අතර තවත් ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. මෙම ජයත් සමග හැව්ලොක් කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.