Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ‘බී’ කාණ්ඩායේ පාසල් රග්බි තරග 3 ක් හෙට

‘බී’ කාණ්ඩායේ පාසල් රග්බි තරග 3 ක් හෙට

editorial - 2023 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තරග 3 ක් හෙට (23 වැනිදා) හැව්ලොක්, බෝගම්බර සහ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. 

ඉන් හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව කුරුණෑගල මලියදේව විදුහල තරග බිමට පිවිසෙන අතර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව මහනුවර ශ්‍රී සුමංගල විදුහල තරග බිමට පිවිසීමට නියමිතය. 

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී කොළඹ කේරි විදුහල සහ ශාන්ත බෙනඩික්ට් විදුහල තරග වදිනු ඇත. මෙම තරග 3 ම පස්වරු 4.15 ට ආරම්භ කිරීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. 

මෙම තරග 3 ට අමතරව තවත් තරග 3 ක් මෙම සතියේදී පැවැත්වීමට නියමිත අතර ඉන් තරග 2 ක් සෙනසුරාදා (24 වැනිදා) කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී සහ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීද, සෙසු තරගය ඉරිදා (25 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

 


අදහස් (0)

‘බී’ කාණ්ඩායේ පාසල් රග්බි තරග 3 ක් හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.