Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආසියානු රග්බි තහනම ඉවත් කරන්න‘යි ඉල්ලීමක්

ආසියානු රග්බි තහනම ඉවත් කරන්න‘යි ඉල්ලීමක්

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට මේ වනවිට පනවා තිබන ජාත්‍යන්තර රග්බි තහනම ඉවත් කර එළඹෙන ආසියානු තරගමාලාව සඳහා සහභාගීවීමේ අවස්ථාව සලසා දෙන ලෙස ‘ඩුබායි’ නුවරදී ආසියානු රග්බි සංගමයේ සභාපති කයිස් අලි දලායි මහතා මුණගැසුනු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඉල්ලා තිබේ. මෙම හමුව ඩුබායි නුවර ස්ථාපිත ආසියානු රග්බි සංගම් මූලස්ථානයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉල්ලීමට ඉදිරියේදී ආසියානු රග්බි සංගමය සාධනීය ප්‍රතිචාරයක් දක්වන බව එහිදී අලි දලායි මහතා ප්‍රතිඥා දී තිබේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයාට ප්‍රතිචාර දක්වමින් ඉදිරියේදී මෙරට කාන්තා හා පිරිමි රග්බි ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් සඳහා ආසියානු රග්බි සංගමය සහයෝගය දැක්වීමට කැමැත්ත පළකර සිටි බවයි.

- 223


අදහස් (0)

ආසියානු රග්බි තහනම ඉවත් කරන්න‘යි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.