Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය යටතේ ඊයේ (10 වැනිදා) පැවැති තරගයකදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 19-18 ක අතිශය තියුුණු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. මෙම තරගයේ ජයත් සමග තවත් වසරක් සඳහා ‘මේජර් මිල්රෝයි ප්‍රනාන්දු’ කුසලාන තමන් සන්තකයේ රඳවා ගැනීමට ඉසිපතනයට අවස්ථාව උදා විය.
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 03-00 ක් ලෙස පෙරමුණ ගෙන සිටි ඉසිපතන ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 16 ක් රැස්කළහ. දෙවැනි අර්ධයේදී ලකුණු 18 ක් රැස්කිරීමට රාජකීය විදුහල සමත් වුවද, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව ඉසිපතනයට ලකුණක තියුණු ජයක් හිමිවිය.
මෙම තරගයේදී ඉසිපතන විදුහල ලබාගත් ලකුණු 19 න් 17 ක්ම ලබාගනු ලැබුවේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ශාහිඩ් සුම්රි විසිනි. එහිදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 4 ක් මගින් සුම්රි සිය කණ්ඩායමට ලකුණු ලබාදුන්නේය. ඔහු ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පත් කිරීමට අවිෂ්ක හිරාන් සමත් විය.
රාජකීය විදුහල මෙම තරගයේදී ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමගිනි. තිනෙත් ගමගේ සහ අෆීෆ් ෆාරුක් රාජකීය විදුහල වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් දෙවැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් එද්‍රිස් ෆාරුක්, එය ගෝල දිනුමක් බවට පත් කළේය. රාජයකීය විදුහලට හිමිවූ දඬුවම් පහර 3 න් 2 ක් සාර්ථක කරගැනීමට නබීල් යහිය සමත් විය.
අවසන් විනාඩිය ආරම්භ වන විට ලකුණු 18-16 ක් ලෙස රාජකීය විදුහල තරගයේ පෙරමුණ ගෙන සිටි නමුත් එහිදී ඔවුන් අතින් සිදුවූ නිති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ඉසිපතන විදුහලට දඬුවම් පහරක් ලබාදීමට විනිසුරුවරයා පියවර ගත්තේය. ඉන් නිසි ඵල නෙලාගත් ශාහිඩ් සුම්රි තම සිවුවැනි දඬුවම් පහරත් සාර්ථක කරගනිමින් ඉසිපතන විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.
(ඡායාරූපය - අකිල ජයවර්ධන)
මහින්ද Monday, 12 August 2024 10:22 AM
ජය ඉසිපතනයට... එය දක්ෂ කණ්ඩායමක්, නමූත් කෙසේ හෝ ජය ගැනීම හරි මහත්මා ගුණය නොවේ. මෙම තරගය වංචාවෙන් දිනාගත් බව මා සිතමි. අනාගත පරපූර අවංක විය යූතූයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.