Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඔලිම්පික් කමිටු නිලවරණය රටේ නීතියට අනුවයි

ඔලිම්පික් කමිටු නිලවරණය රටේ නීතියට අනුවයි

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්විය යුත්තේ රටේ නීතියට අනුකූලව බව ක්‍රීඩා ඇමති නවීන් දිසානායක මහතා පැවසීය.

රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා ජාත්‍යන්තර නීතියට අනුකූලභාවයක් දැක්විය යුතු වූවත් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්විය යුත්තේ රටේ නීතියට ප්‍රමුඛතාව දෙමින් බවත් පැවසීය.

"මේ ප්‍රශ්ණයේදී රටේ නීතිය වළක්වන්න කාටවත් බෑ. ඒ සම්බන්ධයෙන් අප නීතිපති උපදෙස් ලබා ගෙන ඉදිරි පියවරට යනවා."

"ක්‍රීඩා ඇමති රෙගුලාසි සංශෝධනය සම්බන්ධයෙනුත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා."

"කවුරු මොනවා කිව්වත් මේ සියළු දේවල් කිරීමේදී රටේ නීතියටයි මුල් තැන ලැබිය යුත්තේ. ඒ නිසා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයෙත් රටේ නීතියට මුල් තැන දෙමින් කටයුතු කරන්න අප උනන්දු වෙනවා." යයිද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

ඔලිම්පික් කමිටු නිලවරණය රටේ නීතියට අනුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.