Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික රග්බි පිටියේ විශිෂ්ටතම කණ්ඩායම ලෙස කවදත් තම ආධිපත්‍යය යළිත් තහවුරු කරගෙන සිටි නවසීලන්තයේ ඕල්බ්ලැක්ස්ලා ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් මහා තරගයේදී ඕස්ටේ‍්‍රලියාවේ වොලබීස්ලා ලකුණු 34-17කින් පරදවා පිට පිට දෙවැනි වරටත් වෙබ් එලිස් කුසලානය අත්පත් කරගත්හ.
අවසන් මහා තරගයේ සාක්ෂිකරුවන් වීමට ලන්ඩනයේ ට්වීකන්හැම් කී‍්‍රඩාංගණයට ඊයේ (31 වැනිදා) එක් රැස් වූ 80,000 කට අධික කී‍්‍රඩාලෝලීන් පිරිසකට වසර 28 ක ඉතිහාසයක් ඇති රග්බි ලෝක කුසලාන තරගමාලාවේ වඩාත්ම විනෝදජනක අවසන් මහා තරගයක් දැකබලා ගැනීමට ඉඩ සැලසූ ඕල්බ්ලැක්ස්ලා රග්බි වාර්තාපොත එහෙම පිටින්ම අලුත් කිරිමටත් සමත්වූහ.
ලෝක රග්බි කිරුළ තුන්වතාවක් දිනූ එකම කණ්ඩායම ලෙසත්, පසුගිය වතාවේ දිනූ කිරුළ රැකගැනීමට සමත්වූ එකම කණ්ඩායම ලෙසත් ඔවුහු වාර්තාපොත අලූත් කළහ.
මේ අතර ඕල්බ්ලැක්ස් පිලේ නායක රිචී මැකෝ වෙබ් එලිස් කුසලානයට දෙවතාවක් අත තැබූ එකම නායකයා බවටද පත්විය.
ඕල්බ්ලැක්ස්ලා සිය භූමියෙන් පිටතදී රග්බි ලෝක කුසලානය දිනූ පළමු අවස්ථාව ද මෙය විය. මීට පෙර ඔවුන් 1987 සහ 2011 දී එය අත්පත් කරගත්තේ ඔවුන්ගේ නිජබිමේදීය.
තරගයට පෙර සිටම කවුරුත් කතා කළ වොලබීස්ලාගේ පසුපෙළ කී‍්‍රඩක ති‍්‍රත්වය වන ඬේවිඞ් පොකොක්, මයිකල් හූපර් සහ ස්කොට් ෆාඩි පවුරක් සේ ඔවුන්ගේ සීමාවේ රැුකවල් ලා සිටියත් කල්යල් බලා ඒ අතරින් රිංගා යාමට සමත්වූ ඕල්බ්ලැක්ස්ලා ඊයේ උත්සාහක දිනුම් තුනක්ම තැබූහ.
දෙවැනි භාගයේ ආරම්භයේ දීම මීටර් 40 ක් දිවගොස් සෙන්ටර් කී‍්‍රඩක මා නොනූ තැබූ විස්මිත උත්සාහක දිනුම ඒ අතරින් වඩාත්ම කැපී පෙනුණි. එය මෙවර තරගමාලාවේ හොඳම උත්සාහක දිනුම්වලින් එකක් විය.
ඊයේ තරගයේදි ඕල්බ්ලැක්ස්ලාගේ විශිෂ්ට ජයග‍්‍රහණය පසුපස සිටි වැදගත්ම කී‍්‍රඩකයා ෆ්ලයිහාෆ් කී‍්‍රඩක ඩැන් කාටර් මිස අනෙකකු නොවේ. තමා ලොව නොම්මර එකේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා බව යළි යළිත් තහවුරු කළ කාටර්, ඊයේ තරගයේදී සිය කණ්ඩායමේ ලකුණු 34 න් 19 කටම හිමිකම් කීවේ තරගයේ වීරයා සම්මානයද දිනා ගනිමිනි.
මෙවර තරගමාලාව පුරාම වොලබීස්ලාගේ ස්ක‍්‍රම් පොදියේ තිබූ දුර්වලතාව ඊයේ තරගයේදිත් අඩුවැඩි නැතිව දක්නට ලැබුණු අතර පළමු භාගයේ දී නවසීලන්තයට දඩුවම් පහර 2 ක් සහ ඩ්‍රොප් ගෝලයක් හිමිවීමට වොලබීස්ලා ස්ක‍්‍රම් පොදිය තුළ කළ නීතිවිරෝධි කි‍්‍රයා බෙහෙවින් බලපෑවේය.
පළමුභාගයේදී අනපේක්ෂිත ලෙසින් ලකුණු 16-3 ක් වශයෙන් පසුබෑමකට ලක්ව සිටි වොලබීස්ලා දෙවැනි භාගයේ ආරම්භයේ දීම නොනූගේ විස්මිත උත්සාහක දිනුමෙන් කබලෙන් ලිපට වැටුණු තත්ත්වයට පත්වූයේ ලකුණු 21-3 කින් පල්ලම් බැසීම නිසාවෙනි.
ඒ වන විටත් පා පහර 4 කින් 4 ක්ම සාර්ථක කරගෙන සිටි ඩෑන් කාටර්ගේ පස්වැන්න අසාර්ථක නොවූයේ නම් ලකුණු තත්ත්වය 23-3 ක් වන්නට තිබිණ.
එහෙත් එකවරම පරළ වූ අංක අටේ කී‍්‍රඩක ඬේවිඞ් පොකොක් සහ සෙන්ටර් කී‍්‍රඩක ටෙවිටා කුරිඩ‍්‍රානී මිනිත්තු 10 තුළ උත්සාහක දිනුම් දෙකක්ම තැබීමෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ තරමක් හිස එසවූහ. බර්නාඞ් ෆෝලේ කිසිදු දෙගිඩියාවකින් තොරව එම උත්සාහක දිනුම් ද්විත්වයම ගෝල බවට පත් කිරීමෙන් 63 වැනි මිිනිත්තුව වෙද්දී වොලබීස්ලා 17-21 කින් ලකුණු පරතරය අඩු කරගත්හ.
එහෙත් තරගයේ වාසිය මුලූමනින්ම නවසීලන්තය දෙසට හැරුණේ 69 වැනි මිනිත්තුවේ දී ඩැන් කාටර් ගැසූ අති විශිෂ්ට ඩ්‍රොප් ගෝලයෙනි.
මීටර් 40 ක දුරක සිට එවැනි ඩ්‍රොප් ගෝලයක් නිවැරැදිව ගෝල් කණුව අතරින් පියඹා යවන්නට තරම් හපනකු සිටීනම් ඒ කාටර්ම පමණි. මිනිත්තු හතරකට පසුව පිටියේ මැද හරියේ සිට ඔහු සාර්ථක කරගත් දඩුවම් පහරත් ඊට දෙවැනි වූයේ නැත.
ඒ පහරත් සමග ලකුණු 27-17 කින් ඉදිරියට ගිය ඕල්බ්ලැක්ස්ලාට වෙබ් එලිස් කුසලානය අත්පත් කරගැනීමට ඉතිරිව තිබුණේ තවත් මිනිත්තු පහක් පමණි. ඒ කාලය තුළ සිය ප‍්‍රතිවාදියාගේ වාර්තාගත ජයග‍්‍රහණය වැළැක්වීමට වොලබිස්ලාට කළ යුතුව තිබුණේ ප‍්‍රාතිහාර්යයක්ම පමණි.
එහෙත් ඇත්ත ඇති හැටියෙන්ම කියතොත් තමන්ට අයත් වීමට යන පරාජයේ වේදනාවෙන් ඕස්ටේ‍්‍රලියානුවෝ ඒ වන විටත් මිරිකී සිටියහ. මෙම තත්ත්වයෙන් අනගි ප‍්‍රයෝජන ගත් අතිරේක කී‍්‍රඩක බියුඩන් බැරට් තරගය නිමාවීමට මිනිත්තු දෙකක් ඉතිරිව තිබියදී තවත් උත්සාහක දිනුමක් ලබාගත්තේ ඩෑන් කාටර්ගේ ඉතාමත් පහසු ප‍්‍රවර්තනයකට ඔහුට අවස්ථාව දෙමිනි.
එංගලන්තයේ හැරී කුමරු ඕල්බ්ලැක්ස් නායක රිචී මැකෝට වෙබ් එලිස් කුසලානය පිරිනැමුවේය. හැරී කුමරු ඊයේ අවසන් මහා තරගය නැරැුඹීමට පැමිණ සිටියේ ඔහුගේ වැඩිමල් සොයුරු විලියම් කුමරු සහ සීයා වන පිලිප් කුමාරයාද සමගිනි.
තරගය පුරාම නවසීලන්තයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඔල්වරසන් දුන් එංගලන්ත කී‍්‍රඩාලෝලීන් අතර හැරී කුමරුත් සිටියේය.
සිය සම්ප‍්‍රදායික පසමිතුරා වන ඕස්ටේ‍්‍රලියාව පරදවා ඕල්බ්ලැක්ස්ලා රග්බි ලෝක කුසලානය අත්පත් කරගැනීමට ඔවුන්ගේ සතුටට හේතුවක් වන්නට ඇත.
සත්කාරක එංගලන්තයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේද ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලැබූ පරාජයත් සමගිනි.
මේ තත්ත්වය නිසා එංගලන්ත ජාතිකයන්ගේ පැතුම වූයේද ඕල්බ්ලැක්ස්ලාගේ ජයග‍්‍රහණයයි.
”නවසීලන්ත රග්බි කී‍්‍රඩාවේ සැබෑ තත්ත්වය මේක තමයි. ඔවුන් මේ තරගය ජයගන්නට හැම අතින්ද සුදුසුකම් තිබුණා”
”මේ තරගාවලිය පුරාම හොඳම කණ්ඩායම වුණේ නවසීලන්ත පිලයි. ඔවුන් ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළා” යයි අවසන් මහ තරගයේදී පරාජය වූ ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ස්ටීවන් මුවර් තරගයෙන් අනතුරුව පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.