Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාව තෙවැනි තැනට

ගුවන් හමුදාව තෙවැනි තැනට

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මහනුවර ක්‍රීඩා සමාජය කණ්ඩයමේ ක්‍රීඩකයන් 8 දෙනකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් 6 වැනි සතියේදී මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර පැවැත්වීමට තිබූ තරගය කල් දැමිණ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ‍පළමු සහ දෙවැනි ස්ථානවල කිසිදු වෙනසක් සිදු නොවූ අතර 5 වැනි සතිය අවසානයේ පෙරමුණ ගෙන සිටි හැව්ලොක් කණ්ඩායමට තවදුරටත් පෙරමුණ රැකගැනීමට හැකි විය.

 මෙම තත්ත්වය අනුව ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ගුවන් හමුදාව සමත්ව සිටියි. මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇති ගුවන් හමුදාව ඉන් තරග 3 ක් ජයගෙන 3 ක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණක්ද සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 16 කි.

මේ දක්වා තරග 5 කට සහභාගි වී එම තරග 5 ජය ලබා සිටින හැව්ලොක් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක්ද සමග ලකුණු 27 ක් ලබා සිටියි. මෙතෙක් තරග 4 කට ක්‍රීඩා කර ඇති මහනුවර කණ්ඩායම එම තරග 4 ම ප්‍රසාද ලකුණද සමග ජයගනිමින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 24 කි. ඒ අනුව ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන අතර ලකුණු 3 ක පරතරයක් පවතී.


අදහස් (0)

ගුවන් හමුදාව තෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.