Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාවට පහසු ජයක්
අන්තර් සමාජ පළමු පෙළ

ගුවන් හමුදාවට පහසු ජයක්

editorial - 2025 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ නමවැනි සතිය යටතේ ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර පෙරේදා (8 වැනිදා)  පැවැති තරගයෙන් ලකුණු 27-19 ක පහසු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය.

ගුවන් හමුදාව මෙම තරගාවලියේදී ලැබූ 5 වැනි ජය මෙන්ම යුද හමුදාව මෙම තරගාවලියේදී ලැබූ 5 වැනි පරාජයද මෙය විය. උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් එහිදී ගුවන් හමුදාවට ප්‍රසාද ලකුණක්ද හිමි විය. 

පනාගොඩට යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ගුවන් හමුදාව ලකුණු 15-12 ක් ලෙස පෙරමුණේ පසු විය. එහිදී ඔවුහු ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළහ. යුද හමුදා ක්‍රීඩකයන් පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි.

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාව ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් රැස්කරද්දී, යුද හමුදාව ගෝල දිනුමක් මගින් රැස්කළේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ගුවන් හමුදාවට ලකුණු 27-19 ක ජයක් හිමිවිය. 

මෙම තරගයේදී ගුවන් හමුදාව වෙනුවෙන් ශාමික කෞෂාන් උත්සාහක දිනුම් 2 ක්ද, නිර්මාල් වික්‍රමසිංහ සහ දර්ශන දාබරේ එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළ අතර යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් බුද්ධි ශ්‍රීමන්ත, චාලික සඳරුවන් සහ මනෝජ් කුමාර උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. 


අදහස් (0)

ගුවන් හමුදාවට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.