Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩී.එස්. සටනක් දී ඉසිපතනයට පරදී

ඩී.එස්. සටනක් දී ඉසිපතනයට පරදී

editorial - 2024 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ හයවැනි සතිය යටතේ අද (21 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී කරට කර සටනකින් අනතුරුව ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 27-24 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහල සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද ඉසිපතන විදුහලට හැකි විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 15-14 ක් ලෙස පෙරමුණ ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් වුවද, දෙවැනි අර්ධයේදී දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ඉසිපතන ක්‍රීඩකයෝ ලකුණු 12 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. දෙවැනි අර්ධයේදී ඩී.එස්. ක්‍රීඩකයන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

ඉසිපතන විදුහල ඉකුත් වසරේ (2023) අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනාගත් කණ්ඩායම වන අතර ඩී.එස්. සේනානායක විදුහල ඉකුත් වසරේදී දෙවැනි කොටසේ ශූරයන් බවට පත්වෙමින් මෙම වසරේදී (2024) පළමු කොටස යටතේ තරග වැදීමට සුදුසුකම් ලබාගත් කණ්ඩායමකි.

හයවැනි සතිය යටතේ පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ රාජකීය, කොළඹ වෙස්ලි, මහනුවර විද්‍යාර්ථ, මහනුවර ත්‍රිත්ව, ගස්කිස්ස සාන්ත තෝමස් සහ මහනුවර ධර්මරාජ විදුහල් සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් මරදාන සහිරා, මරදාන ශාන්ත ජෝෂප්, මහනුවර කිංග්ස්වුඞ්, කොළඹ තර්ස්ටන්, කටුගස්තොට ශාන්ත අන්තෝනි, මහනුවර ශ්‍රී සුමංගල සහ ගල්කිස්ස විද්‍යා විදුහල් පරාජයට පත් විය.


හයවැනි සතියේ තරග ප්‍රතිඵල
■ ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 62-08 ක් ලෙස සහිරා විදුහල පරාජය කරන ලදි.
■ රාජකීය විදුහල විසින් ලකුණු 28-19 ක් ලෙස ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි.
■ වෙස්ලි විදුහල විසින් ලකුණු 43-17 ක් කිංග්ස්වුඞ් විදුහල පරාජය කරන ලදි.
■ විද්‍යාර්ථ විදුහල විසින් ලකුණු 52-20 ක් ලෙස තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.
■ ත්‍රිත්ව විදුහල විසින් ලකුණු 32-19 ක් ලෙස ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි.
■ සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 55-18 ක් ලෙස ශ්‍රී සුමංගල විදුහල පරාජය කරන ලදි.
■ ඉසිපතන විදුහල විසින් ලකුණු 27-24 ක් ලෙස ඩී.එස්. සේනානායක විදුහල පරාජය කරන ලදි.
■ ධර්මරාජ විදුහල විසින් ලකුණු 15-10 ක් ලෙස විද්‍යා විදුහල පරාජය කරන ලදි.

 


අදහස් (0)

ඩී.එස්. සටනක් දී ඉසිපතනයට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.