Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තවත් පාසල් රග්බි තරග 8 ක් කල්දමයි

තවත් පාසල් රග්බි තරග 8 ක් කල්දමයි

editorial - 2022 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඩයලොග් පාසල් රග්බි ලීගය යටතේ හෙට (15 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 8 ක් දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ. හෙට පෙරවරු 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් මෙම තරග කල්දමා ඇත.

හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තරගයක්, පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ තරග 3 ක් සහ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග 3 ක් සහ තෙවැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ තරගයක් මෙලෙස කල් දමා තිබේ. 

පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ කල් දැමුණ තරග

■ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ කල් දැමුණ තරග

■ රත්ගම දේවපතිරාජ විදුහල සහ මොරටුව මහ විදුහල අතර ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල් ක්‍රීඩාංගණයේදී
■ කොලඹ නාලන්දා විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
■ කොළඹ කේරි විදුහල සහ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කල් දැමුණ තරගය
■ ගාල්ල විද්‍යාලෝක විදුහල සහ ඉබ්බාගමුව මැදි විදුහල අතර ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල් ක්‍රීඩාංගණයේදී
■ තල්දූව බෞද්ධ විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර කෑගලු විදුහල් ක්‍රීඩාංගණයේදී
■ කෑගලු විද්‍යාලය සහ ඇහැලියගොඩ මැදි විදුහල අතර කෑගලු විදුහල් ක්‍රීඩාංගණයේදී

තෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කල් දැමුණ තරගය
■ බදුල්ල ඌව විදුහල සහ ධර්මදූත විදුහල අතර බදුල්ල ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

තවත් පාසල් රග්බි තරග 8 ක් කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.