Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කොටසේ තවත් තරග දෙකක් හෙට (1 වැනිදා) පැවැත්වෙන අතර එහිදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලද, කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව කොළඹ වෙස්ලි විදුහලද තරග බිමට පිවිසීමට නියමිතය.
‘ඒ’ කොටසේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන ත්‍රිත්ව - අන්තෝනි තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදීද, ‘ඒ’ කොටසේ දෙවැනි කාණ්ඩය යටතේ පැවැත්වෙන ඉසිපතන - වෙස්ලි තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරග දෙකම පස්වරු 4.15 ට ආරම්භ වනු ඇත.
මෙය තරගාවලියේ දෙවැනි සතිය වන අතර පළමු සතියේ පැවැති තරගවලදී ත්‍රිත්ව විදුහල ලකුණු 20-13 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලද, ඉසිපතන විදුහල ලකුණු 18-09 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහලද, වෙස්ලි විදුහල ලකුණු 38-07 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලද පරාජය කිරීමට සමත් විය.
කෙසේ වුවත් ශාන්ත අන්තෝනි විදුහල පළමු සතිය තුළ සහභාගි වූ තරගයේදී කොළඹ රාජකීය විදුහල හමුවේ ලකුණු 22-12 ක් ලෙස පරාජයට පත්විය.
ඒ අනුව දෙවැනි සතිය ආරම්භ වන විට වෙස්ලි විදුහල ප්‍රසාද ලකුණක්ද සමග ලකුණු 6 ක් ලබා ‘ඒ’ කොටසේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර ඉසිපතන විදුහල ලකුණු 5 ක් ලබා එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේද පසුවේ.
ජයග්‍රහණයක් ලබාගත්ද ප්‍රසාද ලකුණ ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ත්‍රිත්ව විදුහල ලකුණු 5 ක් සමග ‘ඒ’ කොටසේ දෙවැනි කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු නොළබා එම කාණ්ඩයේ 5 වැනි ස්ථානයේ රැදී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.