Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්ව රග්බි නායකත්වය අනුහස්ට

ත්‍රිත්ව රග්බි නායකත්වය අනුහස්ට

editorial - 2023 සැප් මස 30 87 Views 0 Comment
A A A

වසර 2024 පාසල් රග්බි තරගාවලියේදී ත්‍රිත්ව රග්බි පිල මෙහෙයවීම සඳහා තුන්වැනි වසරේ ක්‍රීඩක අනුහස් කොඩිතුවක්කු තෝරාගෙන තිබේ. 2024 පාසල් රග්බි තරග වාරය මැයි මස මුලදී ආරම්භ වීමට නියමිතය.  

අනුහස් ත්‍රිත්ව විද්‍යාලයේ 19 න් පහළ කණ්ඩායම මෙහෙයවනු ඇත. වසර 2024 පාසල් රග්බි තරගවාරයේදී ත්‍රිත්ව පිලේ උප නායකයන් ලෙස තිංග දිසානායක සහ රවීන් ඉලංගරත්න පත්කර තිබේ. 

වයස අවුරුදු 10 දී රග්බි ක්‍රීඩාවට පිවිසි කොඩිතුවක්කු කනිෂ්ට රග්බි කණ්ඩායම් සියල්ලම නියෝජනය කර තිබේ. වයස අවුරුදු 14 න් පහළ 10 සාමාජික සමස්ත ලංකා තරගාවලියේ ශූරතාව දිනාගත් ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ සාමාජිකයකු ද විය. එම තරගාවලියේ අවසන් මහ තරගයේදී ත්‍රිත්ව විද්‍යාලය විසින් ඉසිපතනය පරාජය කරන ලදි. 

දක්‍ෂ මලල ක්‍රීඩකයකු ද වන අනුහස් කොඩිතුවක්කු, මීටර් 200, මීටර් 400 සහ උස පැනීමේ ඉසව් සඳහා කලාප තරගවලදී ද තම පාසල නියෝජනය කරයි. 

- 213 


අදහස් (0)

ත්‍රිත්ව රග්බි නායකත්වය අනුහස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.