Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තීරණාත්මක තරග 2 ක් හෙට

තීරණාත්මක තරග 2 ක් හෙට

editorial - 2022 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 7 වැනි සතියේ තවත් තීරණාත්මක තරග 2 ක් හෙට (5 වැනිදා) පස්වරු 4.15 සිට පැවැත්වේ. එහිදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව හැව්ලොක් කණ්ඩායම ලොන්ඩන් පෙදෙසේදීද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව ගුවන් හමුදාව තුරඟ තරග පිටියේදීද තරග බිමට පිවිසීමට නියමිතය.

මේ දක්වා තරග 5 කට සහභාගි වී එම තරග 5 ජය ලබා සිටින හැව්ලොක් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක්ද සමග ලකුණු 27 ක් ලබා අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටියි. මෙතෙක් පැවැති තරගවලදී ලකුණු 21-05 කින් නාවික හමුදාවද, ලකුණු 36-14 කින් යුද හමුදාවද, ලකුණු 26-22 කින් යුද හමුදාවද, ලකුණු 20-17 කින් සී.එච්. කණ්ඩායමද, ලකුණු 21-17 කින් පොලිසියද පරාජය කිරීමට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වූහ.

 හෙට තරගයේදී හැව්ලොක් කණ්ඩායමට අභියෝග කරන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම මේ දක්වා සහභාගි වූ තරග 6 දී ලබාගෙන ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණි. එහිදී තරග 4 ක් පරාජය වී ඇති සී.ආර්. ක්‍රීඩකයෝ, එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ප්‍රසාද ලකුණු 2 ක්ද සමග ලකුණු 10 ක් ලබා ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවේ.

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-22 ක ජයක් ලැබූ සී.ආර්. ක්‍රීඩකයෝ යුද හමුදාව සමග පැවැති තරගය ලකුණු 16-16 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කරගත්හ. කෙසේ වුවත් ගුවන් හමුදාව හමුවේ ලකුණු 19-11 ක් ලෙසද, නාවික හමුදාව හමුවේ ලකුණු 18-13 ක් ලෙසද, මහනුවර කණ්ඩායම හමුවේ ලකුණු 45-26 ක් ලෙසද, පොලිසිය හමුවේ ලකුණු 20-03 ක් ලෙසද සී.ආර්. කණ්ඩායම පරාජයට පත්විය.

හෙට පැවැත්වෙන සෙසු තරගයේදී ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන ගුවන් හමුදාවට එරෙහිව එහි සිවුවැනි ස්ථානයේ පසුවන සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම තරග වදිනු ඇත. මේ වන විට ගුවන් හමුදාව ප්‍රසාද ලකුණක් සමග ලකුණු 16 ක් ලබා සිටින අතර  සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ලකුණු 15 ක් ලබා සිටිනේ ප්‍රසාද ලකුණු 5 ක් සමගිනි.

 මෙතෙක් පැවැති තරගවලදී ලකුණු 19-11 ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයද, ලකුණු 12-05 ක් ලෙස යුද හමුදාවද, ලකුණු 12-10 ක් ලෙස නාවික හමුදාවද පරාජය කළ ගුවන් හමුදා ක්‍රීඩකයෝ, මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 34-12 ක් ලෙසද, හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 26-22 ක් ලෙසද, පොලිසිය හමුවේ 11-03 ක් ලෙසද පරාජයට පත්වූහ.

 මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 39-03 ක් ලෙසද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 27-22 ක් ලෙසද, හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 20-17 ක් ලෙසද පරාජයට පත්වූ සී.එච්. ක්‍රීඩකයෝ, ඉන් අනතුරුව නාවික හමුදාවට එරෙහිව ලකුණු 28-22 කද, යුද හමුදාවට එරෙහිව ලකුණු 33-23 කද ජයග්‍රහණ වාර්තා කරමින් ජය මාවතට අවතීර්ණ වූහ.


අදහස් (0)

තීරණාත්මක තරග 2 ක් හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.