Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby දුවන්න හපන් ක්‍රීඩිකාවන්ට රග්බි ක්‍රීඩාවට ආරාධනා

දුවන්න හපන් ක්‍රීඩිකාවන්ට රග්බි ක්‍රීඩාවට ආරාධනා

editorial - 2022 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධාවන දක්ෂතාවලින් හෙබි වඩාත් උස ක්‍රීඩිකාවන්ට කාන්තා ජාතික රග්බි සංචිතයට ඇතුළත්වීමේ අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා රග්බි සංගමය සැරසේ.

මීටර 100 (කාන්තා) ඉසව්ව අවම වශයෙන් තත්පර 16කින් හෝ මීටර් 200 (කාන්තා) ඉසව්ව අවම තත්ත්පර 30ක කාලයකින් නිමා කර තිබෙන අඩි 5 අඟල් 6ක්  උසැති ක්‍රීඩිකාවන්ට ඒ සඳහා අවස්ථාව සැලසේ. වෙනත් ක්‍රීඩා ඉසව්වන්හි නිපුණතා ඇති ක්‍රීඩිකාවන්ට ද ඒ සඳහා අවස්ථාව හිමි වන බව රග්බි සංගමය පවසයි.

ජාතික සංචිතයට සුදුසුකම් ලබන ක්‍රීඩිකාවන්ට රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව, ජීවිත රක්ෂණ ආවරණ ඇතුළුව පහසුකම් රැසක් ලබාදීමට ද කටයුතු කෙරේ.

දුරකතන අංක 0776-714779 ඔස්සේ තනුජා වීරක්කොඩි මහත්මිය ඇමතීමෙන් ඒ පිළිබඳව වැඩි තොරතුරු ලබාගත හැකිය..

weerakkody8623@gmail.com විද්‍යුත් තැපෑලට මෙම 30 වැනිදා දක්වා ක්‍රීඩිකාවන්ට අයැදුම්පත් යොමු කළ හැකිය.

- 223


අදහස් (0)

දුවන්න හපන් ක්‍රීඩිකාවන්ට රග්බි ක්‍රීඩාවට ආරාධනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.