Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රංජන් කටුගම්පොළ සහ විමුක්ති රුද්‍රිගු)
ශ්‍රී ලංකා රග්බි සංගමයේ කටයුතු තාවකාලිකව අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගන්නා බවට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම කරනු ලැබුවේ මෙම ගැසට් නිවේදනයට එරෙහි රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී සළකා බැලූ අවස්ථාවේදීය.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා විසින් මෙම රිට් පෙත්සම ගොනුකරනු ලැබ ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.