Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාව 27-24 කින් පොලිසිය පරදවයි

නාවික හමුදාව 27-24 කින් පොලිසිය පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති යටතේ වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති තරගයේදී නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 27-24 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් වූහ.

නාවික හමුදාව මේ වන විට තරග පහෙන් තුනක් ජය ලැබීමට සමත්ව සිටියි.

ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු කර ගැනීමට සමත් විය. පොලිස් පිල ගෝල 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

පොලිස් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ලකුණු 24 ක් රැස්කරමින් නාවික හමුදා පිලට හොද අභියෝගයක් යොමු කිරීම මෙහිදී කැපී පෙනුණි.

නාවික හමුදා ක‍්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම පළමු අර්ධය අවසානය දක්වා ග‍්‍රහණය පවත්වා ගනිමින් ලකුණු 10-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.

 


- 048


අදහස් (0)

නාවික හමුදාව 27-24 කින් පොලිසිය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.